Monday, December 16, 2013

අයියා... ?




එයා ගොඩක් ලස්සන කෙනෙක් අවුරුදු 34 ක් විතර ඇති. මම් ජොබ් එකට ඇවිත් මාස කීපයකට පස්සෙ තමා එයා අපේ ඔෆිස් එකට මාරු වෙලා ආවේ. අනිත් අය වගේ නෙමෙයි.ඒ කීවෙ අපි වගේ වාචාලකමට කියවනව අඩුයි :).  එයාගෙ පාඩුවෙ ඔහේ ඉන්නව, වැඩි ආශ්‍රයක් නෑ කාත් එක්ක වත් .අපිත් හිතුවෙ මුලදි හැමෝම ඔහොමනේ... ඉතින් තැනකට ආවම, පස්සෙ පස්සෙ හරියයි කියල. එත් ඒ එයාගෙ හැටිද කොහෙද.අදටත් එයා එහෙමමයි. 

අනිත් අයට වඩා එයා වෙනස් කීවෙ අදින පලදින විදිය හැසිරීමෙ පවා අමුත්තක් තිබුන නිසා එයාගෙ. ඒ කිවෙ එයා ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙනව ලස්සනට පිලිවෙලට ඉන්නව, ඔිහාම ටික කලක් යද්දි තමා එයා ගැන එක එක අය එක එක දේවල් කියන්න පටන්ගත්තෙ....

ආ එයා ඔය බබා වගේ හිටියට අර .... එක්ක යාලුයිලු. ඔෆිස් එකට ගෙනත් දාන්නෙත්   අරන් යන්නෙත් එයාලු අහවලත් දැකල තියනව .කලින් හිටිය තැනිනුත් මාරු වෙලා ඇවිත් තියෙන්නෙ ඔය හේතුව නිසාලු..බ්ලා...බ්ලා... කතා ගොඩයි... 

 එත් අරය වෙනද වගේම ඔෆිස් එනව යනව... එච්චරම ඔෆිස් එකේ අයත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න උත්සහයක් නෑ වගේ පේන්නෙ, මෙයාම දවසක් ඔෆිස් එකේ කෙනෙක් එක්ක කියල තිබුනා මීට අවුරුදු කීපෙකට කලින් එයාගෙ මහත්තය ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා කියල... ඒක අහල නම් හැමෝම ගොඩක් දුක් උනා මොකද තරුණ වයසෙදිම එහෙම දෙයක් උනාම කොච්චර දුකක්ද?...

එත් අර කට කතාව අතරින් පතර එහෙමම තිබුනා...එයා යාලු වෙලා ඉන්නව කියන කෙනත් පවුල්කාරයෙක් නිසා මෙ කතාව දිගට දිගට යන්න ගොඩක් හේතුවෙන්නත් ඇති.  සමහරු කිව්ව දෙන්නම වැරදියි කියල මොකද ඒ කෙනත් ගොඩක් වගකීම් දරනා රාජකාරියක නිරත වෙලා ඉන්න නිසා ඒක මේ අක්කගෙ වගේම එයාගෙත් රාජකාරි ජීවිතේට ලොකු කැළලක් ිවයි කියල. 

ඒත් එයා අවසානේ කීපදෙනෙකුට කියල තිබ්බ ඒ එයාගෙ නෑදෑ වෙන අය්ය කෙනෙක් කියල. නමුත් මිනිස්සු ඒක පිලිගන්න සූදානමක් නෑ... රූප ස්වභාවයන් උනත් දෙන්න අහසයි පොලවයි වගේ නිසා ඒක පිලිගන්න කෙනෙක් හිටියෙ නෑ .අර කලින් තැන ඉද්දි  නිතරම අහවලාගේ රූම් එකට යනවලු ...ඔය කවුරුත් කියන්නෙ එහෙ ගොඩක් අය දන්නව ඔය කාරණේ...කියලා...සමහරු ඒිහම කීවා.

 ටවුන් එකේදි පවා කීපදෙනෙක් මේ කියන දේ දැකලා තිබුනා දෙන්න එකට වාහනේ යනව එනවා... හිටපු තැන ඉන්න බැරුවනේ ඔය මෙහෙට ඇවිත් ඉන්නෙ !... එහෙම කියන අයත් හිටියා... 

ඇත්තටම එයා කියන විදියට ඒ සම්බන්දෙ සහෝදරකමක්ද  වෙන දෙයක්ද කියල මේ වෙනකම් කවුරුත් දන්නෙ නෑ... එයා ඔෆිස් එකේ කාටවත් ක්ලොස් නැති නිසා හරිම විස්තරයක් දැනගන්න විදියකුත් නෑ... පිට ප්‍රදේශයකින් මෙහෙට ඇවිත් ඉන්න නිසා එයා ගැන හරි තොරතුරක් දන්න කෙනෙකුත් නෑ... ඒ උනාට ඇත්තටම ඒක සහෝදරකමක් විතරක් නම්! 

සමහර විට එයා වැඩිය කතා බහ නැතුව ඉන්නව ඇත්තෙ ඒ එයාගෙ හැටි වෙන්න ඇති, සමහරු ඒක දකින්නෙ එයාගෙ තියන ආඩම්බරකම නිසා කියල. අනික එයාගෙ තත්වෙ ගැන හැමෝම අහන්න ගත්තම හිත රිදෙන නිසා නිශ්ශබ්දව ඉන්නව වෙන්නත් පුලුවන්.
 

30 comments:

  1. තමන්ගෙ මට්ටමට වැටුනෙ නැති අයට අනිත් මිනිස්සු ඉරිසියා කරන එක සාමාන්‍යයි... උන් දෙන්න අතරෙ මොකක් තිබ්බත් අනිත් උන්ට තියෙන කැහිල්ල මොකක්ද...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත මල්ලි.

      Delete
    2. මිනිස්සුන්ට ඉතින් ඔයව ෙග් සිද්ධි හරි රහයි ෙන්....

      Delete
    3. ලංකාවෙ එවුන්ට හෙණ ගැහිලා ගිහින් තියෙන්නෙත් ඔය හින්දා තමයි ..
      ඉරිසියාව සහ කුහකකම ..
      කවදා හැදෙයිද මන්දා ...

      Delete
  2. මේ සටහන කියෙව්වම මට හිතට ආවේ මෙහෙම.
    ඉතින් එහෙම වුනත් මොකද?
    මනුස්සයෙක්ට නිදහස නැද්ද තමන්ට ඕනේ විදියට ජීවත් වෙන්න මට නම් මතක විදියට ඉස්සර ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයක්ද මොකක්ද කියලා නේද හැදින්වුවේ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අනුන්ගෙ මගුල් හොයනවා මදිවට ඒවා බ්ලොග් වලත් වපුරනවා...... අනේ මන්දා..... ඔහොම ඕපදූප හොයන අයගෙ තියෙන්නෙ ගලායන ජීවිත නෙවෙයි එක තැන පල්වෙන එව්වා....

      දැන් ඔය ලමයා මම අර අක්කා කියලා හිතාන උඩ පනින්න නම් එපා....

      Delete
    2. මිනිස්සුන්ට තමන්ට ඔන දෙයක් කරන්න තමන්ට ඔන විදියට ජීවත් වෙන්න නිදහස තියනවා ඒත් අනිත් මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න අපිට අමාරුයි නේද ?

      ඇනෝ ඔයා කවුද කියන ඒක මට වැදගත් නෑ...කවුද කිවෙ මම් එයා ගැන ඔය විදියට හිතනව කියල අනිත් අය කියන කතාවෙන දේවල් තමා මම් ඔය කිවෙ.අපිට එයාලව වෙනස් කරන්න බැ.



      Delete
  3. බූරු කියලා තියෙන දේම තමයි මටත් හිතුනෙ... ඉතිං කාටවත් මොකද්ද තියෙන ප්‍රශ්නෙ... ??

    ඔය දැක්කලු, මෙහෙමලු වගේ කතන්දර කියන උන් ටිකට කියන්න දොස්තර කෙනෙක්ව හම්බුවෙන්න කියල.. මොකක් හරි මොලේ අවුලක් ඇති... හි හි

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒයාලට කාෙල ෙගවාගන්නත් ෙමානව හරි කියවන්න තිෙයන්න ඒපැයි :)

      Delete
  4. ලංකාවේ ඔෆිස් දැන් ඉස්සර ගමේ ලිඳ තිබ්බ තැනටම වැටිලා ද?

    ReplyDelete
    Replies
    1. හෙෙහ ෙකාෙහත් ඔපදූප තියනවා ඒෙහමත් ෙකෙනක් තමා තමන්ෙග පාඩුෙව ඉන්ෙන

      Delete
  5. අපි අනික් මිනිස්සුන්ගේ ඇස් වලින් මිනිස්සු මනින්න ගියොත් වෙන්නේ ඔය ටික. එක එක උපකල්පන වලට එන එක... අනික මමත් කියන්නේ උන් දෙන්නට කැමති දෙයක් කලාම අනික් උන්ට මොකො??

    ReplyDelete
    Replies
    1. ඒක ෙන් ...ඒත් කට්ටිය ෙග කුතුහලය ෙන් ප්‍රශ්ෙණ් :)

      Delete
  6. ඒක ඉතිං එයාගේ කැමැත්ත නේ.. එයාට හොඳ නං අපට මොකෑ..
    එකෙක් එක්ක නෙමේ දාහක එක්ක ගියත් මොකෑ එයාට හොඳ නං.... !

    ReplyDelete
    Replies
    1. අපිට ෙමාකෑ ඉතින් අැත්ත තමා....

      Delete
  7. where is my comment ?


    -dakka kiyana malayek-

    ReplyDelete
  8. මට අතිශයින් කෙන්ති යන කාරනයක් ත්මයි ඔය... හරියට දැන හො නොදැන කතන්දර ගෙතිම..

    ReplyDelete
    Replies
    1. කතන්දර ! ඔව්වා ඔ්න තරම්

      Delete
  9. මම ජීවත් වෙන්නෙත් ඔය ක්‍රමේට... කා එක්ක වත් කතාවක් නැහැ... හරිම නිදහස්... අනුන්ගේ පුද්ගලික දේවල් හොයන්න එන එක ඉතින් ජන්ම ගතියක් වට්ටි අම්මලාට දාව උපන් අයගේ ..

    ReplyDelete
    Replies
    1. //අනුන්ගේ පුද්ගලික දේවල් හොයන්න එන එක ඉතින් ජන්ම ගතියක් වට්ටි අම්මලාට දාව උපන් අයගේ ..//

      අඩෝ අපහාස කරන්න එපා...

      Delete
    2. ඔෙහාම සුද්දවන්ත ෙයා ඉන්නව කියලා අහන්නත් අාසයි

      Delete
  10. කවුරු කොහොම උනාම අපිට මොකද....
    වැරදි නැතුව හොද හොයන්න දකින්න පුලුවන්නම් ඒක නේද වටින්නේ..

    ReplyDelete
  11. අපේ අප්පේ අපේ මොකෝ බුදු අප්පේ!!!!!

    ඔහොම හැම රෙද්දක්ම හෝදන අය ඉන්නවා ඔෆිස්වල..සමහර පිරිමිත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි ෙභ්දයක් නෑ ෙම්වට. පිරිමි ගෑණු අයට හපන්.ෙම් කතාව මට කීෙවක් පිරිමි ෙකෙනක් තමා :)

      Delete
  12. තමන්ගෙ මට්ටමට වැටුනෙ නැති අයට අනිත් මිනිස්සු ඉරිසියා කරන එක සාමාන්‍යයි... උන් දෙන්න අතරෙ මොකක් තිබ්බත් අනිත් උන්ට තියෙන කැහිල්ල මොකක්ද... Yasitha kiyapu kathawanam eththa

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත :) මිනිස්සු ඔයව ෙග් කතා රහ කරන්න හරි දක්ශයි ෙන්.

      Delete
  13. ෂා මෙන්න රස කතාවක්.මරු මරු තව කියන්න.........කියල තමයි අපෙ කුනු හිත කියන්නෙ නෙද?
    මිනිස්සුනෙ ගෙ තියෙන ඔපදුප අහන්න තියෙන ආසව තමයි ටෙලි ෆිල්ම් වගෙ එවට සෙනග අද්දන්නෙ

    ReplyDelete
  14. මිනිස්සු අවුස්සන් ෙන කුණු රසයයි කුතුහලයයි

    ReplyDelete