Friday, December 13, 2013

අහවල් බකට් !...



මේ දවස් වල වැස්ස!... මදුරු කරදරෙත් ටිකක් වැඩි වෙලා... දවාලට වත් කොයිල් එකක් පාවිච්චි කරන්නෙ නැතුව නිදහසේ පොතක් පතක් කියවන්න වත් බැරි තත්වෙකට පත් වෙලා... ඒ වගේම ඩෙoගු අවදානම හැමතැනම... 

කුණු ප්‍රශ්නෙත් මේකට  එක හේතුවක්!... අපේ ගෙදර තියෙන්නෙ නගර සභා සීමාවේ... මෙහෙ කුණු  එකතු කරන ට්‍රැක්ටර් එන්නෙ බදාදටයි ඉරිදටයි දවස් දෙකක් විතරයි සතියට.ඉතින් මිනිස්සු කරන්නෙ කුණු එකතු කරන් ඉදල ඒ දවස් වලට ට්‍රැක්ටරේට දෙන එක .

සමහරු ශොපින් බැග් වල දාල කොහෙ හරි පේන තැනක එල්ලලා තියනව සමහරු නිකම්ම කුණු ගොඩ ගහල තියනව ගෙවල් ඉස්සරහ... ඒක නම් එච්චර සුන්දර දර්ශනයක් නෙමේ. ආවරණයක් නැති හින්දා සත්තු අදිනව සමහර වෙලාවට පාරවල් පුරා කුණු !.....

අනික කුනු අරන් යන මිනිස්සුත් අපි වගේම මිනිස්සු... එයාලටත් පහසු විදියට ඒව බැහැර කරනව නම් කාටත් හොදයි පහසුයි වැඩෙත් ඉක්මන්. ඔහොම හිතලද කොහෙද පොලිතින් ප්ලාස්ටික් වීදුරු දිරන ද්‍රව්‍ය ඔක්කොම එකට දාන්නෙ නැතුව වෙන වෙනම දාන්න කියල නියෝගයක් දැම්මේ,කොහෙද ඒකත් ටික කාලයයි කෙරුනේ... ගොඩක් අය සුපුරුදු විදියම තමා. 

මේ ලගදි දවසක කුනු දාන්න භාජන දෙන කතාවක් පාරේ එනවුන්ස් කරනව ඇහුනා... .,ඔව් ඔව් නොමිලේම !!! කට්ටිය ඒකට නම් ගියා බැහැ නොකියා මොකො නිකන් දෙන දේ...නේ..., ඔන්න ඔය උඩ පින්තුරේ වගේ රවුම් භාජන 2ක් තමා දීල තියෙන්නෙ එකක් වීදුරු ප්ලස්ටික් පොලිතින් දාන්න අනික දිරාපත් වෙන ද්‍රව්‍ය වලට. 

ගියපු අයනම් කීවෙ හෙන දිග පෝලිමක් තිබුන කියල භාජන  ගන්න...ඒ එක්කම මෙහෙම කතාවකුත් කියවුනා ලු. මුලින්ම ඇවිත් භාජන ගත්ත මනුස්සයෙක් ඒ භාජන දෙක රුපියල් 200 කට එතනදිම විකුනල යන්න ගිහින් කියලා  !... :)

24 comments:

  1. ඔවු ඉතිං මිනිස්සුන්ට සල්ලි හොයන්ඩ පුලුවන් නං ඕන දෙයක් කරයි...
    නිකං ලැබෙන භාජන වලට රුපියල් 200ක් ගත්තත් මොකෝ නෙහ්... ? ඔයාලත් ගත්ත ද කුණු බක්කි දෙකක් ?

    ReplyDelete
    Replies
    1. ඔව් අපිටත් හම්බුනා

      Delete
  2. පුදුම වෙන්න දෙයක් නෑ. ලංකාවනේ

    ReplyDelete
  3. කරනවනම් ඔන්න වැඩ.. කුණු කළමණා කරනය හා ප්‍රතිචක්‍රීකරනය.. ඒත් අපිත් මිනිස්සුනේ.. හරි විදියනම් කවු කොහොම කරත් අපි හරි දේ කරන්න ඔනෑ.. ඒත් හිත හදාගෙන අනික් මිනිස්සු ඔහෙ දෙද්දි අපි විතරක් බෑග් බෑග් ජාති වෙන් කරලා දෙන්නෙ කොහොමද.. අනික් එක ටැක්ටරේට දාගද්දි එව්වා ඔක්කොම කවලන් කරල නෙව දාගන්නෙ..

    ReplyDelete
    Replies
    1. නෑ ඒ දවස් වල ට්‍රැක්ටෙර් ෙකාටස් 2 කට හදලා කුණු අරන් ගිෙය්.....

      Delete
  4. අපේ පැත්තෙත් පාර පුරා කුණු බෑග් ඉරිලා කුණු විසිරිලා... මොකද පාර අයිනේ තියෙද්දී සත්තු ඉරලා දාලා, බකට් දෙනවානම් හොඳයි තමයි. සමහරු ගේ අද්දර ගස් වල ඇණ ගසා බෑග් එල්ලන සිරිතකුත් තියෙනවා. ඒකෙන් සොබාව සෞන්දර්‍යයයි වැනසෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙෙහත් ඒෙහම තමා ඉස්සර .දැන් ෙහාදයි ටිකක්

      Delete
  5. කෝ මගේ කමෙන්ට් එක ?

    ReplyDelete
  6. කොයිදේත් පටන් ගන්න කොට ඔහොමයි. පස්සේ හෙමීට පුරුදු වෙනවා. ඒ අපේ හැදියාව,

    ReplyDelete
    Replies
    1. හම් ඒක ඒෙහම උෙනාත් ෙහාදා

      Delete
  7. මට නම් හිතෙන්නේ ලංකාවේ කුණු ඇසුරුම් හෝ බැහැර කිරීම ගැන මිනිසුන්ට අවබෝධයක් නෑ කියලා. ඒවා පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්න ඕනේ දේවල්. ඒකට මූලික හේතුවක් වෙන්න ඇත්තේ කොළඹ හා නගරාශ්‍රිත පරිසරවල හැර හැම පළාතකම ඉඩ ප්‍රශ්නය තවම බල නොපාන එකත් වෙන්න පුළුවන්. ඒත් අපි ජීවත් වන රටවල කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක්. කුණු බැහැර කරන්න ඉඩක් හොයා ගන්න අමාරුයි. ඒත් එක්කම ඒව රි සයිකල් කරන්නත් බලනවා.
    දැනට අපි ප්ලාස්ටික් වීදුරු හා සම්බන්ද දේවල් එක බොක්ස් එකකටත් කෑම හා අපද්‍රව්‍ය (රි සයිකල් කල නොහැකි) එක බොක්ස් එකකටත් කාඩ් බෝඩ් කොළ හා දේවල් වෙනමත් කලෙක්ට් කරනවා. නීතිය කඩ කරන අයට දඩයක් නියම කරනවා. මේකම බල්ලන්ගේ අයිතිකාරයන්ටත් සම්බන්දයි. බල්ලෙක් පාක් එක්කන් යනවා නම් ඔවුන්ගේ අව්ශ්‍යතා ඉතු කරන්න අනිවාර්යෙන්ම බෑග් එකක් අරන් ඒ අපද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. ඒත් සත්තුන්ටත් අන්ත මිනිස්සු ඉන්න හින්දා සමහරක් අය මේව කරන්නේ නෑ. අපේ පාක් එකේ බෑග්ස් හිටන් ෆ්‍රී සප්ලයි කරලත් මේක නොකරන අය වැඩියි. සපත්තුවක් බේරගෙන පාරේ යනවා කියන්නෙත් ලොකු ගේමක්.

    ReplyDelete
    Replies
    1. ෙමෙහත් ඒෙහම තමා....උෙද් වැඩට යන ෙකාට ඒපා ෙවනවා පාර දකිද්දී

      Delete
  8. අපේ පලාතෙත් කුණු එකතු කිරීම සම්බන්ධව තද නීති රීති තියෙනවා... ඒ ඒ කුණු එආ දිනවල වෙන් වෙන් වශයෙන් ගෙනියනවා..කුණු ගෙනියන අය නීතියට වැඩ. නියමිත අයුරින් නැත්නම් ගෙනියන එක ප්‍රතික්ශේප කරනවා...ඔවුන් හොඳ වැටුප් ලබන සේවයකින් නිසා අනං මනං නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒෙහම උනානම් හරි ෙමෙහත්

      Delete
  9. කුණු දාන්න දෙන අර කලුපාට පොලිතීන් බෑග් ආව මුල් කාලෙත් සමහර අය ඒවා අරන් කඩෙන් බඩු ගෙන්න ගියා. දන්නා අය අහක බලාගෙන හිනාවුනා. නොදන්නා අය හානේ.......ෂෝක් බෑග් එක කොහෙන්ද ගත්තේ කියලා ඇහුවා. නමුත් අද හැමදෙනාම දැනුවත් නිසා ඒ වගේ වැඩ කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මිනිස්සු දැනුවත් මදි.අවශ්‍යතාවත් තිෙයන්න ඔෙන ඉතින් ෙකා්කටත්

      Delete
  10. හෙහ්, අපේ පැත්තෙත් ඔහොම දෙයක්ම වුනා.. මිනිස්සුන්ගේ හැටිනේ ඉතින්.. මොනවා කියන්නද ඔවුවට..

    ReplyDelete
    Replies
    1. ඔෙහාම ඒෙකක් හරි ඉන්නව ඉතින්

      Delete
  11. අපෙත් කුනු ගෙනියන්න එන්නෙ බදාදට තමයි. ඒවෙනකන් කුණු එකතු කරලා ගෙයින් පිට වෙනම තැනක තියෙනවා. බල්ලොයි මීයොයි අදින එක තමයි කරහ්ඩරම වැඩේ...

    ReplyDelete
    Replies
    1. අෙප් පැත්ෙතත් බල්ෙලාන් ෙගන් තමා ෙබ්රන්ඩ බැරි

      Delete
  12. ‍ඩෙංගු ගැන සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත් කිරීම රජයෙන් දැන් තහනම් කරලා නේද? ඇත්තට ම ප්‍රතිචක්‍රීයකරණය කරනවා නං ඔය කුණු ප්‍රශ්නෙට හොද විසදුමක් වෙයි ඒක.

    ReplyDelete
    Replies
    1. හම් ඒක අැත්ත.මදුරුෙවා නම් කියලා වැඩක් නෑ

      Delete