Sunday, November 24, 2013

වැස්ස වෙලාවට කරන්න හොදම දේ



මේ දවස් වල රටේ ගොඩක් තැන් වලට වහිනව. මහ කන්නයට රජරටට ගොඩක් ලොකු වර්ෂාවක් වෙනදා ලැබුනත් මේ කන්නෙ වර්ෂාව ගොඩක් ප්‍රමාදවෙලා තමා ලැබෙන්නෙ... ඒ වගේම වැහි ප්‍රමාණයත් ගොඩක් අඩුයි...සමහර මිනිස්සු කුඹුරු කරන්න අද වහී හෙට වහී කියල බලන් ඉන්නවා .වතුර  දෙන්නත් වැව්  වලට වතුර පිරෙන්ඩ එපැයි ඉතින්.

…කන්න රැස්වීම් පවත්වල ඇල්වේලි එහෙමත් සුද්ද බුද්ද කරන් රෙඩි පිට හිටියට  මොකද වැහි නැ.වැව් ගොඩක් අපේක්ෂිත ජල මට්ටම සපුරලා නැ කියල තමා කියන්නෙ .මහකනදරාව වැවෙත්  ඊයෙ වෙද්දි පොඩි ජල ප්‍රමාණයක් තමා තිබුනෙ.

 ඒත් ඊයෙ ඉදන් ටික ටික වැස්ස .ඉන්දියාවෙ තියනව  කීව කුණාටුව මෙහෙට බලපාලද මන්දා...ගෙයින් එලියට බහින්න බැ වහිනව.ඉතින් ගේ අස්සට වෙලා මොනව කරන්නද. පොඩි කාලෙ වගේ බෝට්ටු හද හද  යවන්නැයි...…


පොඩි උන් දෙන්න හිටිය නම් ඒක වත් කරන්න තිබ්බ,උනුත් නැති එකේ පාලුව නැති කරගන්න මම් නම් කරේ උදේ නැගිටිච්ච් වෙලේ ඉදන් අලුතින්  ගෙනාව පොත කියවපු එක.


ඔහොම හෙන ගහහ වහින වෙලාවට ගොඩක් අය කැමති නම් අල්ප දයන්න ගහල හොදට දොයියන්න .…සමහරු ජනේලෙ ලගට වෙලා වහිනා දිහා බලන් ඉන්න ආසයි.වැස්ස වෙලාවට ගෙදර තිබුනොත් අයිස්ක්‍රීම් කන  අයත් ඉන්නව මම් දන්න කියන, ඒ වගේද පොතක් කියව කියව ඇදට වෙලා කිරිකෝපි එකක් බොන එක.

35 comments:

  1. වැස්ස වෙලාවට මමත් කැමති අල්ප දයන්නක් වෙන්න
    නිකම්මත් නෙවි
    ඔළුවත් වැහෙන්නම පෙරවගෙන

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔව් නේ සීතල වැඩිනේ ඉතින් මේකාලෙ

      Delete
  2. මම නම් කැමති වහින සද්දේ අහගෙන වහින දිහා බලන් ඉන්න .නොදැනිම හිතේ තියන ප්‍රශ්ණ වැස්සට දිය වෙලා යනවා වගෙ දැනෙන්නේ එතකොට...

    ReplyDelete
    Replies
    1. ඔව්. මමත් ආස දෙයක් තමා වැස්ස දිහා බලන් ඉන්නවා කියන්නෙ.

      Delete
    2. මමත් ෙගාඩක් අාසයි

      Delete
  3. හෙම්බිත්තාව හැදෙන්නෙ නැත්තන් ඕනි දෙයක්.

    ReplyDelete
  4. මමත් ආස යි හොඳට ඇඳට වෙලා කෝපි කෝප්පයක් බොන ගමන් පොතක් කියවන්න. ඉඳලා හිටලා කඩදාසි ඔරුවකුත් හදලා යවනවා. බලන්න ඉන්න අය මොනවා හිතුවත් මට මොකෝ. මගේ ආසාවනේ :)

    ReplyDelete
    Replies
    1. මමත් කඩදාසි ඔරු නම් තවත් යවනවා

      Delete
  5. පොත් කිව්වෙ Facebook වෙන්න ඇති... ඔය පොත් ගොඩට පිටිපස්සෙන් දාගෙන ඉන්නෙ ඒ book එකනෙ... හික්ස්

    ReplyDelete
    Replies
    1. ශෙහ් ඔයාට ඒක පෙනුන හටිනේ කියන්නෙ

      Delete
  6. මම නම් වැහි වෙලාවට කරන්නේ හොඳට කිටි කිටියේ ගුලිවෙලා නිදියන එක !
    පොත් නම් කියවන්ඩ බෑ.. :)

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයා කියවන පොත්

      Delete
    2. යනවා යන්ඩ !
      මම පොත් කියවනවා තමා...

      Delete
    3. ඒෙහනම් කමක් නෑ

      Delete
  7. වැස්ස වෙලේට ඇඳට වෙලා හොඳට පොරවාගෙන කිරි කෝපි එකක් බොන ගමන් පොතක් කියවන එක තමා මට ලෝකේ තියෙන හොඳට සැපය :) :) :)
    වැස්සේ තෙමෙන්න ආසයි.පොඩි කාලේ එහෙම කලාට දැන් එහෙම කලොත් ඇඩ් එකක් වෙන නිසා අත පය අකුලන් ඉන්නවා ඉතින්.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම ඇතුලෙ පොඩි ලමයෙක් ඉන්නව කියන්නෙ ඒකනේ :)

      Delete
  8. වැස්ස වෙලාවට, ඒ කියන්නේ ඔය ලාවට වහින වෙලාවට මම කැමතියි එළියට වෙලා ඉන්න..

    ReplyDelete
  9. හතරවටෙන් වතුර වැක්කෙරෙන පුංචි මඩුවක් යට ඉඳන් වැස්ස විඳින්න... ඔන්න මගෙ ආසාව..

    ReplyDelete
    Replies
    1. ඇස් දෙක පියාගන වැස්සෙ සඩ්දෙ අහන්න ආස නැද්ද

      Delete
  10. පොත් කියවන්න පුළුවන් ලයිට් තිබ්බොත්.

    ReplyDelete
  11. ශාන්ති දිසානායකගේ ගිරිකුළ ටෙලිනාට්ටියක් වෙලා හැම ඉරිදාම යනවා. ලස්සනට හදලා තියෙනවා වගෙයි...වැස්ස දවසට ගෙවල් තෙමෙනවා නම් කුඩයක් ඉහලගෙන හරි බලන්න.

    ReplyDelete
    Replies
    1. බලන්න ෙවලාවක් නෑෙන්

      Delete
  12. මමත් ආස වැස්ස වෙලාවට අල්ප ද යන්න ට තමයි....හැබැයි හෙඩ් ෆෝන් ගහගෙන සිංදු අහනගමන් :D

    ReplyDelete
  13. වැස්ස වෙලාවට අල්ප දයන්න වෙලා ඇදේ ඉද්දි මහත්තයත්ලගින් ඉන්නව නං තුරුල් වෙලා ඉන්න.. ෂා....
    කවුරුත් මුකුත් මේකට කියනව එහෙම නෙවේ ඕං...

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් ඒෙහම අය නෑෙන් :)

      Delete
  14. මේ මම අපු පලවෙනි දවස
    සුභ පැතුම් ...

    ReplyDelete
  15. වැස්ස වෙලාවට කකුල් දෙක උඩට අරන් හොදට පොරවාගෙන වහින දිහා බලාගෙන ඉන්න එකත් නියමයි

    ReplyDelete