Saturday, November 23, 2013

අරන්තලාවට




අරන්තලාව කියන නම ඇහෙද්දි අපිට එකපාරටම මතක් වෙන්නෙ  1987 වර්ෂයෙදි අම්පාර ප්‍රදේශයේ අරන්තලාවෙදි සිද්ද වුන භික්ශු ඝාතනය. LTTE සංවිධානය විසින් මෙහෙයවපු මේ ඝාතනයෙදි භික්ශූන් වහන්සේලා 33 දෙනෙකුත් තවත් සිවිල් වැසියන් කීපදෙනෙකුගෙත් ජීවිත නැති උනා.අමුතුවෙන් කියන්න දෙයක් නැති තරමට හැමෝම වගේ මේ සිද්ධිය ගැන දන්නව...............


අපි වන්දනා ගමනක් ගිහින් එන ගමන් අම්පාරෙත් යමුයි කියන යෝජනාවට අරන්තලාව පැත්තෙන්  එනකොට ගොඩක්ම රෑ වෙලා... රෑ 8.00ත් පහුවෙලා... අපි එතනට යද්දිම ආරක්ෂක අංශෙ කෙනෙක් විගහට ඇවිත් අපිට මේ ස්ථානෙ ගැන ඉතිහාසෙ සියල්ල කියල දුන්න. සිද්ධිය වෙන කොට ඒ කෙනාත් මේ පැත්තෙ රාජකාරි කරමින් හිටියලු.දැන් එලි පෙහෙලි කරල තිබ්බට ඒ කාලෙ පාර දෙපැත්තෙම හොදටම කැලේලු.ඒ වෙද්දි එයා ආරක්ෂක අංශෙට බැදිච්ච මුල්ම කාලෙලු, ඒ වෙනකොට වයස අවුරුදු 22ක් ද කොහෙද කියලත් කිව්වා.


සිද්ධිය පැහැදිලි කරලා ඉවර වෙද්දි අපිත් එක්ක ගිය අය ගොඩක් දෙනාගෙ ඇස් වල කදුලු බේරෙනව. ඇත්තම සිද්දිය මේ දැන් උනා වගේ හැමෝමගෙම හිත් වලට පපුව කඩාගන යන දුකක් දැනිල වගේ. අම්පාරෙ තිබ්බ දැයට කිරුළට ඒ සිද්දිය වෙච්ච බස් එක ගෙනත් මේ විදියට මුර්තියක් කරන්න තිරණය කරල. මෙතන බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකරන්නත් භාවනා කුටි 33ක් හදලා නිමකරන්නත් බලාපොරොත්තු වෙනවලු.

අපේ ගමනේ අවසානේ දකින්න තවත් පැය 4 - 5 ක් ගතවෙන නිසා   විගහින්ම එන්න පිටත් උනා,... ගමනේ අවසානය වෙනකම්ම යුද්දෙ ඉවර වෙච්ච එකට පින් දිදි තමා ආවේ. නැත්තම් ඔය පාරෙ කොහෙ එනවද බයක් හැකක් නැතුව. මට හිතුනෙම ඒ පැත්තෙ ගම්වල මිනිස්සු කොච්චර දුකක් විදින්ඩ ඇතිද බයෙන් ඉන්ඩ ඇතිද කියල ඒ කාලෙ...


5 comments:

  1. අරන්තලාවේ භික්ෂු ඝාතනය වෙනකොට මම ඉපදිලා දවසයි !
    ජූනි 2 වෙනිදා තමයි වෙලා තියෙන්නේ. අර කිව්වත් වගේ සෑහෙන ඛේදවාචකයක් මේක.. ඒ අතින් යුද්ධය ඉවර වෙච්ච එකත් හොඳයි.

    මෙන්න තවත් විස්තරයක් කියවන්න.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒෙවද්දි ෙපාඩී.යුද්ෙද ඉවර ෙවච්ච ඒක නම් ෙලාකු ෙදයක්

      Delete
  2. ඒ සිද්දිය ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. මේ වගේ මුර්ති හදල , ස්මාරක හදන එකෙන් වෙන්නේ අමතක කල යුතු සිද්දි නැවත මතක් වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුණා ඇනෝ. මොනව වුණත් ආයෙ නම් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්න එපා!

      Delete