Monday, October 17, 2011

භූමිකම්පාවක් වූ අනුකම්පාව

මීට මාස ගානකට කලින් කොහෙදෝ ඉදන් තුන්දෙනෙක් අපේ ගෙවල් පාරට ඇවිත් තිබ්බා.කවුරුත් කතා වුන විදියට උන් අපිව හොයාගන ඇවිත් නෙමේ.කවුරුහරි ඇවිත් මේ තුන්දෙනාව දාල ගිහින්.තුන්දෙනාව කවුරුවත් ගෙවල් අහලකටවත් ගන්න කැමති උනේ නෑ.කෑම ටිකක් දුන්නත් එක්කො පාරෙන් තියලා.ඒකටත් හේතුවක් තිබ්බ.හේතුව මුන් තුන්දෙනාම ගෑණු සත්තු වෙච්ච එක.

අය්යෝ!... බලන්ඩකො කරදරේ... කොහෙන් ගෙනල්ල දාලද මන්ද?...

කවුරුත් කිව්වෙ එහෙම.

හතර වටේටම තාප්ප ගහල තියන ගෙවල් වල අයනම් කරදරයක් නැතුව හිටිය,ඒත් අනිත්  අය බයෙන් හිටිය, අපෝ මුන් කොයි වෙලේ පැටව් දායිද දන්නෙ නෑ කියල.කාලයක් තුන්දෙනාම නැතුව හිටියා...විපරම කරල බලද්දි, බැරිම තැන අහල පහල ගෙදරක අය්ය කෙනෙක් උන්ව ගිහින් දාලා කොහෙටදෝ.

මෙන්න ටික දවසකින් දෙන්නෙක් ආයෙම ඉන්නව.ගෙවල්වල ඇතිකරන බල්ලො ටිකත් මුන් නිසා කාකොටා වැටෙනව :). සමහරදාට එකම කරච්චලයක් බුරනව... කෑගහනව... රන්ඩුවෙනව...ඒ බෙදාගන්න බැරුව.

හැබැයි එක වාසියක් තිබ්බ,බල්ලො පෙන්නල අපි බබාට කෑම ටික කවා ගත්ත,එයා කෑම කරන්න හොර නිසා ඒකත් ලොකු දෙයක් උනා.බල්ලො තුන්දෙනාට නමුත් වැටිලා තිබ්බ ඒ වෙද්දී,(සුදු බව් බව්,ගුරු බව් බව්,දුඹුරු බව් බව්.)මොකද ගේට්ටුව ඉස්සරහ ඉදන් බැලුවම උන් නිතර මෙහා යනව පාරෙ.පස්සෙ පස්සෙ අහක දාන බත් උන්ට දෙන්නත් පුරුදු උනා.ටිකකාලෙකට පස්සෙ මෙන්න මුන් දෙන්න ගේ පිටිපස්සට වෙලා ඉන්නව කන්ඩ දෙනකම්.

 සමහර වෙලාවට එලියට දාල තියන වේලිච්ච පොල්කටු ලෙවකනව බඩ ගින්නේ කර කර ගාල සද්දෙන්.ඉතින් ඉතුරුවෙලා තියන බත් ටිකක් මොනව හරි අනල දෙන්න හිතෙනව.ඔන්න ඔහොමයි අනුකම්පාව පටන් ගත්තේ...

වෙලාවකට ගෙදර අයත් බනිනව,ආ....අනලා දෙනවකෝ...කන්ඩ දීල පුරුදු කරගන්නවකො...පස්සෙ ඉතුරුවත් බාර ගන්ඩ වෙයි හැබැයි...කියල.

සමහර වෙලාවට ගේ පිටිපස්සට ඇවිත් අහිංසක විදියට මූණ දිහාබලන් ඉන්නව,දැන් කන්ඩ හම්බෙයි දැන් කන්ඩ හම්බෙයි කියන්නා වගේ...

තරහට නොදී හිටිය වේලුත් ඇති, ගෙදර අයගෙ බැනුම් නිසාම.ඒත් ඉතින් කුණුකූඩෙට විසිකරන කෑම වලින් මොකෙක්ට හරි බඩ පුරව ගන්ඩ පුලුවන්නේ කියල හිතෙනකොට ආයම කෑම දානව.

මාස ගානක් තිබ්බ පෑවිල්ලට පස්සෙ ටික දවසක ඉදන් වහිනව මේ පැත්තට.ඊයේ රෑ ඉදන් අද උදේ වෙනකම්ම වැස්ස.ලාවට ඇහැරීගන එද්දි අම්මගෙ කටහඩ.

අන්න...ලොකු දෑවැද්දක් හම්බවෙලා..

අම්මා උදේම නිවුස් එක කනේ තිබ්බ.

දඩබඩ ගාල ඇදෙන් නැගිටලා වැස්සෙම කුඩෙත් අරන් ගියා බලන්ඩ.

අප්පෝ 1ක් නෙමේ 5ක්ම.කන්ඩ දුන්න සුදු බව් බව් අපේ ගෙදර මඩුවේ පැටව් දාලා...

සුදුම සුදු පාට පැටව් 5ක් අම්මට ගුලිවෙලා නිදි,ඇස් ඇරලත් නෑ කටවල් රෝසම රෝස පාටයි.ඔක්කොමගෙම කන්දෙක විතරක් දුඹුරුපාට.(මම් හිතන්නෙ මුන්ගෙ තාත්ත දුබුරු පාට බල්ලෙක් වෙන්න ඔනේ.බැල්ලි අම්ම සුදුම සුදුයි නේ.) 

ඒක දැකලා අම්මගෙත් හිත උණුවෙලාද කොහෙද.

ඔන්න ඔහෙ හිටපුදෙන් දැන් ඉතින් මොනව කරන්ඩද?. අම්ම එහෙම කියනව.

මේ වෙනකම් තාම නම් මම් ඒ පැත්ත බලන්න ගියෙ නෑ.අම්ම හොරෙන් හොරෙන් ගිහින් බලනව දැක්ක.දවල්ට ඉතුරු වෙච්ච බත්, මාළුත් එක්ක අනල මඩුව ලගින් තියල.හොදම වැඩේ කියන්නෙ ඌට බොන්ඩ බිස්කට් ටින් එකකට වතුරත් තියල :).

පව් අරූට බඩගිනි ඇති!...බත් කාල පිගාන හෝදන්න යද්දි අම්ම මම් දිහා බලාගන කිව්ව.

42 comments:

  1. අනේ ඉතින් සත්තු උනත් ගෑණූ සත්තු නම්....උන්ට දෙයියන්ගේම පිහිටයි...කොච්චර බැන්නත් පැටව් ටික දැක්කම අම්මගෙ පපුව උණු වෙන්න ඇති..අම්ම කෙනෙක් නෙ...දරුවන්ගෙ අගය දන්න හන්දා...

    කලින් මම හිටිය බෝඩිම ලඟදි දවසක්දා උදේ මහ වැස්සෙ මම ඔෆීස් යද්දී ඔය වගේම තුන් දෙනෙක්ව කවුදෝ කාඩ් බෝඩ් පෙට්ටියකට දාලා පාරෙන් තියලා ගිහින්....මහ වැස්සෙ තුන්දෙනාම සීතලට ගුලි වෙලා...මට දුකේ බෑ....ටික දවසක් යනකම් එක එක්කෙනා බැන්නා..පස්සෙ කවුරු හරි පාරෙන් කෑම තියන්න ගත්තා...හවස මම ඔෆීස් ඇරිලා එද්දී බනිස් ගෙඩි අරන් එන්න පුරුදු උනා මේ අයට දෙන්න...කාලයක් යද්දී තුන් දෙනාම අතුරුදහන්....මොනා උනාද දන්නෙ නෑ

    ReplyDelete
  2. ආවු අක්කට පෝලිමට බබාල හුරතල් කරතෑකි..පිංතූර හෙම අරන් අපි එක්ක බෙදා ගන්න.බලන්න ආසයි

    ReplyDelete
  3. මෙහෙ පාරෙත් ඔහොම බල්ලො ගෙනත් දමලා පාරෙ ඉන්නව බල්ලො 4-5 දෙනෙක්ම.. උන් පැටව් ගහයි කියලා සේර්ම ඔපරේශන් කරලා..ඕන්න ඔහොමයි ඉතින් ටවුන් වල තත්වය !

    ReplyDelete
  4. හනේ.. මරු දෑවැද්ද.. <3 නැච්චාට දැන් නම් ඉතින් හොඳට කෑම කවතෑකි ඒනං ආයි.. :P

    ReplyDelete
  5. අනේ පව්..ගෑනු සත්තුන්ව තියා ගන්න කවුරුත් කැමති නැහැ නේ. උන්ව ඉතින් කොහාට හරි ගිහින් දාන්න තමයි කවුරුත් බලන්නේ.

    ReplyDelete
  6. ඔය පොඩි කාලේ හුරතල් නිසා ආසා හිතුනට ලොකු වෙනකොට තමයි හැමෝටම එපා වෙන්නේ!

    ReplyDelete
  7. මොනවා වුනත් පුංචි පැටව් ටිකකට ආදරේ හිතෙනවා! එයාලව ටිකක් ලොකු වෙලා තනියම කන්න හොයා ගන්න පුළුවන් වෙනකම් බලාගන්න අක්කේ!

    ReplyDelete
  8. ෂෝක් පැටව් ටික, ලස්සනට ඇති නේ ........
    කොහොම උනත් පිං සිද්ධ වෙන වැඩක් .......

    ReplyDelete
  9. අෆෝ ඕකුන් එලවන්න එපා.. කලගුණ දන්න සත්තු..!
    අනික කිරිදෙන ඔනෙම සතෙක්ට කන්න දෙන එක කොච්චර පිනක්ද.. මං නම් මාර ආදරෙයි බවුවන්ට :D

    ReplyDelete
  10. අපේ පූසො අපට දෙන රැග්එක වගේ තමා! :D
    1. පැටව් දැමීම
    2. හොරෙං කෑම
    3. කුකුල්ලු සහ ලේන්නු අැල්ලීම
    4. අැඳං වල නිදාගැනීම
    5. හීරීම
    අාදී වශයෙන්!...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ මොකටද අනේ බෙදා ගන්නෙ? :D

    ReplyDelete
  13. හේ හේ... අපේ ගෙදරත් හිටිය පූසියක්, හැමදාම පැටව් ගැහුවම අම්ම අය්යටයි මටයි බනිනවා.. හික් හික්.. අය්යා බනිනවා හරියට අපි දැම්මා වගේ අම්ම අපිට බනින්නේ කියලා.. එක පාරක් කොහෝම හරි මාර ලස්සන පැටව් තුන් දෙනෙක් දැම්මා.. ඒ පාර නම්, අපි හැමෝම උන් තුන් දෙනවා බලාගත්තා, එකට පොඩි හේතුවක් තිබ්බා.. මුන් තුන් දෙනා අපි තුන් දෙනා වගේ කියල අම්ම කියනවා.. ලොකු එක පුසෙක් උ හෑන්ඩ්යා එත් වසයි.. දෙවනිය පූසියක් ගෙටම වෙලා ඉන්නේ.. බාලය පුසෙක් අහිංසක පාටයි, හැමෝගෙම ඇගේ ඇතිල්ලෙන එක තමා වැඩේ.. අනේ එත් උන්ගෙන් දෙවනිය වැස්සට තෙමිලා මලා.. අප්පච්චි වල දැම්මේ, බාලය ආගිය අතක් නැ, අප්පච්චි වැඩියෙන් ආදරේ කරපු ලොකු එකාත් නැති වෙයි කියල අප්පච්චි අදුරන ගෙදරකට ගිහින් දුන්න.. ඊට පස්සේ පුසී මලා.. මතක ඇති කලෙක ඊට පස්සේ සතෙක් හිටියේ නැ අපේ ගෙදර, මම ඇරෙන්න.. හික් හික්

    ReplyDelete
  14. නංගො වැඩේ තියෙන්නෙ මෙයාල සීග්‍ර ලෙස බෝවෙනවා . එන්නත් කරන්න ඕන මෙයාලව . නැත්නම් දන්නවනේ වෙන වැඩේ ....

    ReplyDelete
  15. බැල්ලි පැටවු ඔහොමතමා... උං ඉතින් පැටවු දානවමනේ....ඔය පොඩි වුන් ටික ලොකු වෙනකම් බලාගන්න එකතමා හොඳම වැඩේ...නැත්තං වාහනයකට වත් යට උනොත්..අපරාදේ...

    ReplyDelete
  16. ඇත්ත තමයි දෑවැද්ද හම්බෙලා...වාතයක් වෙනවා ජරා කරන්න ගත්තම.....

    ReplyDelete
  17. එකෙක් දෙන්නෙක් නම් කමක් නෑ. පහක් කියන්නෙ ලේසි නෑ. ඒත් ඉතින් පුන්චි පැටව් නෙ. පව් තමා

    ReplyDelete
  18. සත්තුන්ට උනත් ආදරය කරුණාව ඕන කරනවා. ඒ අතින් අක්කලෑ අම්මා කරපු දේ නම් ගොඩක් වටිනවා. තාමත් ඔය බවුවෝ ටික ඉන්නවද ?

    අපටත් පොඩි බලු පැටියෙන් ගෙනත් දුන්නොත් හදාගත්තෑකි. මාත් ඔය බල්ලන්ට මාරම ආසයි නේ :)

    ReplyDelete
  19. අපෙත් ඉන්නවා දුඹුරු බව්වෙක්.. පොඩි බෝලයක් වගේ කාලේ ඉඳල ඌ අපේ ගෙදර ඉන්නේ.. දැන් බලු තඩියා.. එත් අපි දැක්කම තියන හුරතලේ... අර කියන්න වගේ කළගුණ දන්නා සත්තු.. මොකද කටින් කියල දුක කියන්න යෑ?

    ReplyDelete
  20. දිල්- හ්ම්ම් පව් තමා.මොනා කරන්නද දැන්.තාම ගෑනුද පිරිමිද බලන්න වත් ගියෙනෑ,බෙහෙත් විදලා දෙන්න තමා හිතන් ඉන්නෙ.මේ වෙද්දිත් 3/5 ඉල්ලලා තියෙන්නෙ ඒ නිසා අවුලක් වෙන එකක් නෑ.ටිකක් ලොකුවෙනකම් තියාගන දීලා දානව.අපිත් එකෙක් හදන්න කියලා :)

    ආඩම්බරකාරී- හිහි තාම ඇස් ඇරලත් නෑ.පොටෝ ටිකක් දාන්නම්කො බලන්ඩ.

    Wඑනි-ඔව් ඉතින් කරදරවිදින්න බෑනේ.අනික ලෙඩත් බෝවෙනවනේ.

    ReplyDelete
  21. චතුවා- හෙහෙ ඔව් දැනුත් බලන්න යන්ඩ හදන්නෙ හැමවෙලේම.

    සයුරි-ඔව් ඉතින් පස්සෙ කරදර වෙනවනේ ඒකනේ.

    පූසා-ඔව් අන්න ඒකනේ.ඉන්ජෙක්ශන් ගහල හරි දෙන්න වෙනව.ඔක්කොමතියාගන්න බෑනේ.

    ReplyDelete
  22. විසිතුරු | visituru- ඔව් එහෙම කරන්න තමා ඉන්නෙ ටිකක් ලොකු වෙනකම් තියාගන ඉදලා දෙන්න ඉන්නෙ.

    පන්සල් හංදිය -ඔව් අහිංසක සත්තු නේ.මේ වැස්සෙ කොහෙ යන්ඩද නේ.

    ඹුන්න්ය්-ඔව් ඒකනම් ලොකු පිනක් තමා මල්ලි.

    ReplyDelete
  23. තනි අලියා- අපිටත් පූසෙක් ඉන්නව ඌගෙ වැඩේ බත් ලෑල්ලට එන ලේන්නු අල්ලන් කන එක.ඒ නිසා මට ඒකව පේන්න බෑ.වෙන වැරදක් නම් නෑ හැබැයි.

    සීතල අයියා-අනේ මේ සීතලේ ග‍ර‍්රර‍්ර

    දුශ්-අන්න ඇත්ත කියල.එක සතාද දැන් එතකොට ගෙදර ඉන්නෙ.පව් අනික් උන් ටික :ඩි

    ReplyDelete
  24. අපෙත් හිටියා බැල්ලියක්. ඌ මාරම වසයි. ඉතිං බැලි පැටවුට වුනත් හොද ඉල්ලුමක් තිබුනා. බැල්ලි නැති වුනාට පස්සෙ අපි ගාව ඉන්නෙ එක බල්ලෙක් විතරයි.

    මමත් අපේ කැම්පස් එකේ පිටි පස්සෙ ගේට්ටුව ගාව හිටපු බලු පැටවු ටිකකට කිරිත් හදා ගෙන ගිහින් දීලා තියෙනවා. අනේ ටික දවසෙකින් ආගිය අතක් නැති වුනා.

    ReplyDelete
  25. ඝිම්හනි-ඔව් ලොකු උනාම එන්නත් කරල දෙන්න තමා හිතන් ඉන්නෙ,වෙන ක‍රන්න දෙයක් නෑනේ.

    Raj- ඔව් පව්.දැන් නම් අවුලක් නැතුව ඉන්නව,එහෙම වෙන එකක් නෑ කන්ඩ දෙනව අපි.

    ඔබ නොදු‍ටු ලොවක්..... -වාත වෙන්න කලින් ටිකක් ලොකු උනාම දෙන්න කියල තමා ඉන්නෙ.

    ReplyDelete
  26. පිණිබිඳු...-මුලින්ම අම්ම දැකලා තියෙන්නෙ 3ක් මෙන්න ආය ගිහින් බලද්දි 5ක් ඉන්නවලු :O

    මධුරංග- දැනට නම් 3/5 ක් ඉල්ලලා ඉන්නෙ.තව 2ක් ඉතුරුයි.බෙහෙත් විදලා තමා දෙන්නෙ :)

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-හ්ම්ම් අපිත් බල්ලො ඇති කරා කලින් හිටිය එකා මැරුනට පස්සෙ ආය බල්ලො හදන්නෙ නැ කියල ඉද්දි තමා මේ දෑවැද්ද ලැබුනේ. :))

    ReplyDelete
  27. නිසුපා- හ්ම්ම්..අපෙත් එකෙඛිටියා ඌ කලුම කලුයි හෙන වසයි.වටේ පිටේ මිනිස්සුත් ඌට බයයි හපනව කියල.මගෙත් කාල බෙහෙත් විද්ද.

    ReplyDelete
  28. මගේ බිදු හොරෙක් උස්සං ගිය දවසේ ඉඳන් මම ආයේ බල්ලෝ හදන්නෑ කියලා හිතාගත්තා ඔය පොඩි එවුන් ටික කන්න බොන්න දීලා හදාගන්න නදී අක්කේ ..

    ReplyDelete
  29. හිස් අහස- හ්ම් දැනට නම් උන් හොදින් ඉන්නව.3 දෙනෙක්ම දැනට ඉල්ලලා තියනව.උන් තාම ඇස් ඇරලත් නෑ.අපේ එකා මැරුනට පස්සෙ අපිත් ඔහොම හිතුව ආයනම් බල්ලො හදන්නෙ නෑ කියල.ඒත් දැන් අපිත් එකෙක් හදන්න කියල හිතන් ඉන්නෙ.:)

    ReplyDelete
  30. ගෑණු සත්තුන්ගෙන් ඉතිං කරදරම තමා වෙන්නෙ... ;)

    ReplyDelete
  31. ටී.බී.-ඔව්නේ මදුරුවොන්ගෙත් ලේ බොන්නෙ ගෑණු සතා නේ.

    ReplyDelete
  32. 3/5 දැනටත් ඉල්ලලා තියෙනව නම් තව දෙන්නනේ,කව්රු හරි ඉල්ලය්. මාත් හරි ආදරෙය් බල්ලන්ට. අපේ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක්, දැන් සෑහෙන්න වයසය්. දැන් මාත් එක්ක ඇවිදින්න යනකොට ගමන එහෙම බොහොම ස්ලෝ. එයාලට කතා කරන්න බැරි වුනාට සතුට දුක වගේම අනෙක් හැඟීම් ඔක්කොම මූනෙන් හරි වෙන ඉරියව් වලින් හරි පෙන්නනව.

    ReplyDelete
  33. හිත උණුවෙන මිනිස්සු අඩුයි.ඒ අතින් ඔයාල උතුම්

    ReplyDelete
  34. Observer - හ්ම්ම් උන් ගොඩක් හිතවත් වෙනව තමා.වෙලාවකට මිනිස්සුන්ටත් වඩා කළගුණ දන්නව.

    කස්සා-ටිකක් ලොකු වෙනකම් හදනව වෙන මොනා කරන්නද.පව්නේ

    ReplyDelete
  35. ඔන්න මමත් ආවා ඔයාගෙ බ්ලොග් එකට...

    ආසයි නම් තමා දැක්කහම. ඒත් ඔයාට පුංචි බබෙක් ඉන්නවා නම්, බලු පැටවු හදනකොට පරෙස්සමින්... බල්ලන්ගෙ, පූසන්ගෙ ලොම් හරි විසයි. අනික පුංචි දරුවො ආසයිනෙ සත්තු අල්ලන්න....උන්ට තලන්න එහෙම.... පුංචි පැටවු ඉන්න බලු අම්මලත් සැරයි...

    ReplyDelete
  36. අනේ හොඳයි අහිංසකයින්ට ඉහට වහලක් දීපු එක.. මගේ බ්ලොග් එකේ ඒ ගොල්ල කතාකරනවා අහල තියෙනවද ?

    ReplyDelete
  37. පන්සල් විතරක් නොවෙයි දැන් රෝහල්වලටත් කැම්පස්වලටත් ඔහොම පූස් සහ බලු පැටව් ගෙනත් දමන එක සිරිතක් වෙලා...කොහොම උනත් ඒ අසරණ සත්තුන්ට ඉන්න තැනක් දීලා බලා ගත්තු එක ලොකු දෙයක්.

    ReplyDelete
  38. අම්මගේ හිතත් උනු වෙන්න ඇති...

    ReplyDelete
  39. Mඉයුරු-ඔව් පොඩි බබෙක් නම් ඉන්නව අපේ ගෙදර.පැටව් ටික ලොකු උනාම කට්ටිය ඉල්ලලා තියන නිසා අවුලක් නෑ.

    සරත් ලංකාප්‍රිය-ඔව් මම් ඒව කියෙව්වනේ.

    ඇනිත්ඛොන-පව් මේ වැස්සෙ කොහෙයන්නද උන්.ටිකක් ලොකුවෙනකම් තියගන ඉන්නව.ඉල්ලලත් තියනව සමහර උන්ව.

    නදුන් උයන - අම්ම තමා උන්ට කන්ඩ දෙන්නෙ දැන් :)

    ReplyDelete
  40. අපේ ගෙදර කවදාවත් බව්වෙක්ව හදල නැහැ...
    මමනම් හරිම අකමැතියි උන්ට

    ReplyDelete
  41. ලොකු පුතා-අපේ ගෙදර නම් බල්ලො හදලා තියනව.වෙලාවකට නම් කරදරයක් වගේ තමා.ඒත් උන් හරි හිතවත්.

    ReplyDelete
  42. 5 න් 3 ක්ම ඉල්ලලානම් ඉතුරු 2 අර අම්ම කීව වගෙ දැවැද්දට ඉතුරු කරගතැකි නොවැ..
    හ්ම් සැහෙන කලෙකින් මෙ පැත්තෙ ආවෙ.ලන්කාවට ගොහින් ආපු දා ඉදන් බිචි උනානෙ(නෙපාල්ලු එහෙම තමා බිසි කියන්නේ

    ReplyDelete