Saturday, March 12, 2011

මේ පොඩි එකාගෙ වැඩ



වෙනද වගේම එදත් අප්පච්චි පත්තරේ බලබල හිටියා.පුරුද්දක් විදියට අපේ ගෙදරට ගත්තෙ සතියන්ත පත්තර දෙක.අනිත් දවස් පහේම අප්පච්චි ගෙදර ලග කඩෙන් ලංකාදීපෙ ගෙනත් බලනවා.

බලලා කලින් දවසෙ පත්තරේ රෑ අටට විතර ගිහින් දෙන්නෙ.එදා පත්තරෙත් ඒත් එක්ක ඉල්ලගන එනවා.

ඒ දවසෙත් අප්පච්චි සාලෙට වෙලා පත්තරේ බලනවා,අක්කයි,අම්මයි මමයි ටීවී බලනවා.ඔහොම ඉද්දි රෑට කොන්ඩෙ පීරල ගොතලනෙ මම් නිදියන්නෙ,(මම හය වසරෙ ඉද්දි)ඉතින් කොන්ඩෙ පීරලා ගොතාගන පනාවත් අරන් ආවා සාලෙට.

අප්පච්චි කණ්ණාඩි දෙකත් දාගන පත්තරේ බලනවා.අප්පච්චිගෙ ඔලුවෙ ඉස්සරහ පොඩ්ඩක් තට්ටෙ පෑදිලා,පිටිපස්සෙ හරියෙ කොන්ඩෙ තිබ්බා.

වෙනද වගේ මම විහිලුවට අප්පච්චිගෙ කොන්ඩෙ පීරුවා.පීරලා මම් කොන්ඩෙට දාල හිටිය කලු පාට හෙයා බෑන්ඩ්ස් දෙකෙන් අප්පච්චිගෙ චූටි කොන්ඩ දෙකක් බෑන්දා.(ඒදවස් වල මම් ලග තිබ්බ හොද හෙයා බෑන්ඩ්ස් කලෙක්ශන් එකක්,එක එක පාට ,ලස්සන ලස්සන ඒවා අම්ම අරන්දීපු).

ටික වෙලාවකින් මටත් ඕක අමතක උනා ටීවි බෑලිල්ල නිසා.ඒත් එක්කම අප්පච්චී කඩේට ගියා ඊයෙ ගෙනාව පත්තරේ දීල එන්න,ගෙදර ලග කඩේට.

ඔන්න ටික වෙලාවකින් අප්පච්චි එනවා,ඈවිල්ල කියනව අහ්... අද මාරවෑඩේනෙ මට උනේ කියලා.අපි ඔක්කොම ටීවී එක බෑලිල්ල පෑත්තක තියලා අප්පච්චි පෑත්තට හෑරුනා.
මම් කඩේට ගියා පත්තරේ දෙන්න..ඉතින් වෙනදවගේ කතා කරකර මුදලාලි හිනා වෙනව,මටත් ගානක් ගියෙනෑ.කඩේට ආව කොල්ලෙකුත් හිනා වෙවීගියා,ඒත් මම් බෑලුවා සරම වත් ඉරිලද කියල,එහෙමත් නෑ.

එතකොටම මුදලාලි ඈහුවනෙ මහත්තයා කොන්ඩෙ ඈදෙන්න මොනවත් කරනවද කියලා.

එතකොට තමයි තේරුනේ මේ පොඩි එකාගෙ වෑඩ.මේකා මගෙ කොන්ඩෙ පීරපීර ඉදලා කොන්ඩ දෙකක් බෑදල, මම ගානක් නෑතුව ගියානෙ කඩේට.









17 comments:

  1. අප්පච්චිට වස ලැජ්ජාවක් නේ දුව කරලා තියෙන්නේ. ඒ උනාට පුංචි කාලේ අපි කරන කියන දේවල් ගැන අම්මලා අප්පච්චිලා අපිට දොස් කියන්නේ නැ..

    තාමත් හිනා...

    ReplyDelete
  2. අයියෝ මෙයත් ඕන්නැති දේවල්නෙ කරන්න යන්නෙ.මොනා වුනත් තාත්තට පට්ටම නෝංඩිය.

    ReplyDelete
  3. නැ ව ත වි කා ශ න ය

    හිහ්.. :D

    ReplyDelete
  4. ඉස්සර මගෙත් වැඩක්.. දැනුත් නම් කරනවා... තාත්තාගේ කොන්ඩෙට වද දෙන එක ..හොද වෙලාවට අපේ තාත්තාට ඔහොම වෙලා නැ...

    ReplyDelete
  5. ඒදවස් වල මම් ලග තිබ්බ හොද හෙයා බෑන්ඩ්ස් කලෙක්ශන් එකක්,එක එක පාට ,ලස්සන ලස්සන ඒවා අම්ම අරන්දීපු).
    ඔහොම්ම අර කාර් කලෙක්ශන් එකයි,සෙල්ලම් බඩු කලෙක්ශ්න් එකයි .සාරි කලෙක්ශන් එකයි,මාල කලෙක්ශන් එකයි...@#$%^&* ඔක්කොම කිය්ල දැම්ම නම් ඉවරයි නේ....හික්

    ReplyDelete
  6. @මධුරංග- ඒක ඈත්ත.නොතේරුම්කමට කරන වෑඩනෙ.

    @සීතල අයියා-ආයෙත් අහල.

    @චතුවා(ළමයා)-නෑ නෑ රිපීට් ටෙලිකාස්ට් :ඩී

    @නිම්ශා-ඔයත් එහෙමද? ඕව ඔක්කොම ඉතින් අප්පච්චිල ඉන්නකන් විතරනෙ. :(

    @රත්ගමයා- අනේ රතෝ...එහෙනම් ඔයත් අර දාල තිබ්බෙ "කුප්ප" ඊ බේ එකෙන් ගෙනාව ඒවා කලෙක්ශන් එකක් :ඩී

    ReplyDelete
  7. දුවලා ඹෙහාම තමා this one is nice

    ReplyDelete
  8. @prabathw7 - ඔව් දුවල ගොඩක් ආදරේ අම්මට වඩා අප්පච්චිට. :)

    @chami kumarasiri - ආය එහෙම කරන්න වෙන්නෙ එන ආත්මෙ තමා. :/

    ReplyDelete
  9. දැන් ලියනවා අඩුයි වගේ නෙද?මාසෙටම එක කතාවයි ලියන්නෙ...මොකද ලමයා බිසිද?..අප්පචිගෙ කතා ටික මම දන්නව නෙ.....ලස්සන කතාව තව ලියන්න....

    ReplyDelete
  10. පොඩි කමට නෙව.. කොහෙද අප්පිච්චිට පත්තරේ ගත්තම සිහිය නැතුව ඇති කියවලා ඉවර වෙනකම්.

    ReplyDelete
  11. අප්පච්චිට තරු පේන්න ඇති.

    ReplyDelete
  12. @Nadeeshani- ලියන්නත් ඉතින් හිතෙන්න එපෑයි.කම්මලිකමට ටික දවසක් හිටිය.කතා නම් ගොඩයි.තාම හොස්ටල් කතා ලියන්න පටන් ගත්තෙ නෑනේ :)

    @ප්‍රසන්න86k-කවුද හිතන්නෙ මෙහෙම වෑඩක් කරයි කියල :ඩී

    @පිණිබිඳු... -ආයෙත් අහලා,මේකා කරොත් ඔහොම වෑඩක්මයි කිව්වා.

    ReplyDelete
  13. අනේ පවු අර අහිංසක අප්පච්චි......... පොඩ් එකා නිසා හොදයි....

    ReplyDelete
  14. @චමරි - ඔව් පොඩි එකානෙ :)

    ReplyDelete
  15. හයියෝ... මාර නෝන්ඩි සීන්එක..

    ReplyDelete
  16. @ Nadun Dissanayake - ඔව් මොනා කරන්නද?හිතල කරායෑ :))

    ReplyDelete