Monday, January 10, 2011

වෑස්සත් එක්ක බෝට්ටු ඇරීම


දෑන් දවස් කීපයක ඉදන් මෙහෙටත් මදි නොකියන්න වෑස්ස.ඕනෙ දෙයක් ඕනෑවට වඩා ඔනෙනෑ කියනවනෙ.වෑඩි වෑස්ස නිසා ගස්,පස් කදු කඩාගන වෑටිලා ගෙවල් දොරවල් වගේම ,ජීවිතත් හානිවෙලා.මදෑයි මේ සෑරේ මේ වහින තාලෙට කුඹුරුත් පාලුවෙයි කියල අම්මනම් කිව්වෙ.

පුංචි කාලෙ පත්තර කොල වලින් බෝට්ටු හදලා යෑව්වෙ නෑති කෙනෙක් නම් නෑතුව ඇති. ඔන්න ගෙදර ආව වෙලේ අපේ අක්කගෙ බබත් එක්ක එකතුවෙලා මමත් බබාට බෝට්ටු හදන්න කියල දුන්න. එයාට නම් තවම හරියට තේරුමක් නෑ,අවුරුදු 2ක් වත් නෑනේ තාම.වෑස්ස නිසා එලියටවත් යන්න දුන්නෙ නෑ එයාගෙ අම්මා.(තාම පොඩීනෙ ඉතින්)

ඒක නිසා ගේ ඈතුලෙ ඉදන් ජනේලේන් බලාගන ඉන්න සිද්දවුනා එයාට.මට පව් කියලත් හිතුනා.අපිනම් කොච්චර වෑස්සට තෙමිල තියනවද?පීල්ලෙන් නානවා,බෝට්ටු හදනවා,ඈතට යනකම් බලාගන ඉදල බෝට්ටුව ගිලුනම කොච්චර නම් දුක් වෙන්වද? වෑස්ස කාලෙට එකම යුද්ධයයි.



සමහර වෙලාවට බෝට්ටු වල කොඩිත් ගහල යවනවා,චූටි අය්යා "කුරෝ" වගේ කුඹිත් එකෙක් විතර බෝට්ටුවටම පටවලා යවනවා.මතක් වෙද්දි ඒ කාලෙ, ගොඩක් දුකයි.ආයෙත් පොඩිකාලෙට යන්න ඈත්තම්...ඒ කාලෙ කොච්චර සෑහෑල්ලුද? නිදහස්ද?.

11 comments:

  1. ඉස්සර අපිත් බෝට්ටු හදල යවපු කාලේ මතක් උනා. දැන් අම්මලා ළමයින්ට පොඩ්ඩක්වත් තෙමෙන්න දෙන්නේ නෑ. ලෙඩ වෙයි කියලා බයේ. ඉස්සර අපි ඉස්කෝලේ ගිහින් එද්දී වැස්සොත් ආයේ කියන්න දෙකක් නෑ නාගේනමයි එන්නේ.

    ඉස්සර පොඩි කාලේ වගේ නෙමෙයි නදී. එන්න එන්න ජීවිතය සරල වෙන්නේ නෑ සංකීර්ණ වෙනවා මිසක්. ඉස්සර පොඩිම කාලේ තිබිච්ච නිදහස් බව එන්න එන්න අපෙන් ඇත වෙලා යනවා අපි බලාන ඉන්නද්දීම.

    අහන්නමයි හිටියේ නදී අක්ක මොන සරසවියෙද ශිල්ප කලේ ??? පේරාදෙණියේද ?

    ReplyDelete
  2. @ මධුරංග - ඈයි ඉස්කෝලෙ ගිහින් පාරේ වතුර පිරිච්ච පොඩිවලවල් වලටත් මම් පෑනලා තියනවා.ඒ චූටිම කාලේ.2ක 3න වසරෙදි වගේ.ගෙදර එද්දි සපත්තු මේස් චොර චොර ගානවා.

    අනේ නෑ. මම් පේරා නෙමේ.අවුට් උනේ නම් 2010දි.

    ReplyDelete
  3. අනෙ අම්මෝ මට නම් බැහැ ආයෙ පොඩි කාලෙට යන්න.
    දැන් 1 වසර ළමයෙකුට ඉස්කෝලෙන් දෙන වැඩ කැටිය අපි ශිෂ්‍යත්වෙටවත් කලේ නැහැ. මටනම් බැහැ ආයෙ ඔය වැඩ කරන්න. මේ ඉන්න වයස හොඳා. :)

    ReplyDelete
  4. @ කනී - අහ්...ඒකත් ඈත්ත.දෑන් ඉස්සර වගේ නෙමේ නේ.ඔන්න අපේ බබත් ඉස්කෝලෙ යනවා.තවම අවුරුදු 2ක් වත් නෑ.එයාව සෙල්ලම් කන්ඩායමට(play gorup) දාලා.ඒ ගෑනත් පෝස්ට් එකක් දාන්නම්කො මම්.

    ReplyDelete
  5. ඔය දැනුත් අක්කා බෝට්ටු යව යවාද ඉන්නේ ?? අක්කගේ බබා කිව්වේ නැචුරල් වෙන්න ඇති නේ (නැච්චා) හි.... හි ... හි...

    ReplyDelete
  6. @මධුරංග - නෑ... හික්z...දෑන් බබා ඉස්කොලේ ගිහින් නෙ, තාම ආවෙනෑ.අද තමයි පලවෙනිම දවස එයාගෙ.

    ReplyDelete
  7. @ මධුරංග - ඔව් නෑච්චා තමයි. :ඩී

    ReplyDelete
  8. බබා ඉස්කෝලේ ඇරිලා එන්න කලින් බබාගේ කතාව ලියන්න. එතකොට ඊලග රෙස්ට් එකේදී කියවන්න ඇහැකි.

    ReplyDelete
  9. පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  10. මටත් නම් අයේ ළමාකාලෙට යන්න තියෙනවානම් කැමතී.. හැබැයි ඉස්කෝලේ යන්න නම් බෑ.. ගියත් ඉගෙනගන්න බෑ. යාලුවෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න ඕනේ..

    ReplyDelete
  11. @චතුවා (ළමයා) - එහෙනම් අර 'ටොට්ටො චාන්' ගියපු "හරිපුදුම ඉස්කෝලෙ" වගේ එකක් හදන්න වෙනවා"

    ReplyDelete