Sunday, January 16, 2011

පිතාමහ



මේ දවස් වල සීතලත් ටිකක් වෑඩි නිසා කට්ටියට නින්දත් යනවා අඩු ඇතිනෙ :ඩි .ඔන්න මම නම් පොතක් කියෙව්වා.පොතක් කිව්වට ගොඩක් ලොකු පොතක් නම් නෙමේ.කේ.ජයතිලකයන්ගෙ "පිතාමහ" නවකතාව.මේක, මට අහම්බෙන්, ගෙදර පොත් අල්මාරිය අදිද්දි හම්බවුනු පොතක්.1966 වසරෙදි තමයි මුලින්ම මුද්‍රණය කරල තියෙන්නෙ.ඒ කාලෙ ජ'පුර යුනි එකේ කලා යෝග‍ය්‍යතා පරීක්ශණයට නියමිතයි කියලත් මේකෙ ගහලා තිබ්බා.

මේ කතාව 20 වෙනි සියවසේ මුල් භාගයෙදි, ලංකාවෙ පිටිසර ගමක ජීවත්වුනු පවුලක තොරතුරු කියවෙන කතාවක්, පියාගේ මරණයෙන් පස්සෙ පවුලේ දෙවනි පුතා, පවුලේ බර කරට ගෙන ක්‍රියාකිරීම නිසා ඔහු මුහුනපාන අත්දෑකීම්, අපහසුතා, වගේම සියලුදෙනාටම උදව් කර අවසානයේ  ඒ සියලුදෙනාම විසින්, ඔහු නොසලකා හරින කෙනෙකු බවට පත් වන ආකාරයත් කතාව අවසානයේදී විස්තර වෙනවා.මේ කතාවේ තියෙන්නෙත් ඔහු හිතනදේ කියවෙන විදියට,ඒ කියන්නෙ කතාව විස්තර කරන්නා ඔහු.ගමේ පන්සලේ හාමුදුරුවන්,ඔහුට එක අවස්ථාවකදි මෙහෙම කියනවා.

"පිතාමහ කියන්නෙ තාත්තගෙ තාත්තට - සීයට.උඹ වගේ නොවෙයි උඹේ තාත්තා.ඇගපතින් පොඩිවුනාට හයි හත්තියෙන් මහ යෝධපුරුෂයෙක්.ඒ වගේම බොහොම හොද ගතිගුණ තිබ්බ නියම සිංහලයෙක්...උඹත් ඒක ආදර්ශයට අරගෙන් හෑදෙන්න ඕනෑ.උඹ යෝධයෙක් වෙන්න ඕනෑ කායික ශක්තියෙන් නෙමෙයි.මානසික ශක්තියෙන්.අන්න ඒක හොදට මතක තියාගනින්."

කියවල බලන්න.ගොඩක් ලස්සන, රසවත් නවකතාවක්.

10 comments:

  1. පිතාමහ කියන පොත නම් කියවලා නෑ. නමුත් අක්කා කියන විදිහට නම් පොත ගොඩක් ලස්සන ඇති

    හොයගෙන කියවන්න ඕනේ

    ReplyDelete
  2. @මධුරංග - මමනම් පෑය 3-4කින් කියවල ඉවරකරා. :)

    ReplyDelete
  3. @නදී :
    අක්කටත් ඔය පිස්සුව තියෙනවද ? මමත් පොතක් අතට ගත්තම කියවලා මිසක් ආයෙ බිමින් තියන්නේ නෑ. ඒ තරමට පොත් කියවන්න ආසයි. :)

    ඒ උනාට අක්කා දැන් පොතක් කියවන්න වෙන්නේ ගොඩාක්ම කලාතුරකින් :(

    ReplyDelete
  4. මේ අක්කට තියෙන පිස්සුවල හැටියට ‍පොත් කිය‍වීමේ පිස්සුව හොඳයි බං..

    පොතක් කියවපු කාලයක් මතක නෑ. පාඩම් පොත්නම් ඉදලා හිටලා කියවනවා.

    ReplyDelete
  5. @චතුවා (ළමයා)- ඈයි ඔයා "C" ඊබුක් එකක් කියව කියව හිටිය නේද මේ ලගදි?

    ReplyDelete
  6. මමත් ඕක කියෙව්වා ස්කෝලෙ යන කාලෙ ... හොඳ පොතක් ....
    කොහොමත් ඉතින් කේ. ජයතිලකගෙ හැම පොතක්ම වගෙ හොඳයිනෙ....

    ReplyDelete
  7. හැබැයි මට මතක විදිහට නම් ''පිතාමහ'' කියන්නෙ ''මහපිතාට'' හෙවත් ලොකු තාත්තාට මිසක් සීයට නෙවෙයි. හුඟක් ඉස්සර බලපු පොතක් නිසා මට හරියටම මතක නෑ.

    ReplyDelete
  8. කියවන්න පොතක නමක් කියන්නම්.ටිකක් විතර සමාජශීලී. ටිකක් හිතන්න පුළුවන්.‍
    නම = බත්තලංගුන්ඩුව

    ReplyDelete
  9. @ හූනා- බොහොම ස්තූතියි.මම් ඒක කියවන්න ඔනේ අරගෙන.ආය පොත් කියවීමේ පිස්සුව හෑදිල වගේ මට. :)

    ReplyDelete
  10. @ කුමාරයා- මමත් හිතාගන හිටියෙ පිතාමහ කියන්නෙ "ලොකුඅප්පච්චි" ට කියලා.ඒත් ඒ පොතේ තියෙන්නෙ නම් පිතාමහ කියන්නෙ සීයට කියල.

    ReplyDelete