Monday, January 10, 2011

"රීබොන්ඩින්" ආසාවත් හරි

රීබොන්ඩින් කිරීමට පෙර හා පසු කොන්ඩය
ඔන්න මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බවුනා.යාලුවෙක්ගෙන් උදේම ආව කෝල් එකකින් කියවුනේ එයත් එක්ක hairdressing  salon එකට යන්න එන්න කියලා, ඒ එයා තනියම යන නිසා.කොන්ඩෙ හදාගන්න යන්න ඔනේ කියල තමයි ඇහුවහම කිව්වෙ.මම් ඉතින් ඔය beauty culture ගෑන එච්චර උනන්දුවක් නෑනේ.එත් ඉතින් නිවාඩුපාඩුවෙ ඉන්න එකේ තනියටත් එක්ක හා...එන්නම්... කිව්වා.

මගෙ යාලුවා ටිකක්  ඕවට උනන්දු කෙනෙක්.ඔන්න ඉතින් උදේ 10ට විතර මාවත් එක්කගෙන salon එකට ගියා.හපොයි...ගියපු ගමන් අහපි,මිස්...ඔයගොල්ලො appoinments දාලද ආවේ කියලා.හොද වෙලාවට යාලුවා කලින් වෙලාවක් වෙන් කරගන.මමත් ඉතින් එයාගෙ පස්සෙන්ම ඉදිකට්ටයි නූලයි වගේ ගියා.

මුලින්ම කරේ යාලුවගෙ කොන්ඩෙ මොනවගේද කියලා බලපු එක,ඒකට එතන හිටියා hair dressers  ලා කීපදෙනෙක්ම.මගෙ යාලුවට තිබ්බෙ ටිකක් ඇවිස්සෙන කොන්ඩයක්,අර unmanageble hair කියන්නෙ, අන්න එහෙම එකක්.කලින් තිබ්බෙ layer කරපු කෙටි කොන්ඩයක්,වෑඩටත් යන නිසා පිස්සෙක් වගේ යන්න බෑ කියල තමයි මේක කරන්න ආවෙත්.යාලුවට ඔනේ වුනේ කොන්ඩෙ layer එක ඒ විදියටම තියාගන මේක කරන්න.

ඔන්න ඉතින් වෑඩේ පටන් ගත්තා.කලින් layer එක කරපු කෙනාටත් ටිකක් දෝස්මුරයක් එහෙමත් දෑම්මා,හරියට කරලා නෑ, shape එක හරියට අරන් නෑ කියලා.ඔහොමහරි කොන්ඩෙ ආයෙත් හෝදන්න වුනා,කලින් hair conditioner දාලා ආව නිසා chemicals අල්ලන්නෙ නෑතිවෙනවලු කියලා.

මමත් ඉතින් වෙන වෑඩක් නෑති නිසා ආව එකේ කට අරගෙන වෙන දේවල් බලන් හිටියා.අප්පේ බලන්න එපෑයි කට්ටියගෙ තියන උනන්දුව  beauty culture වලට,වයස් භේදයක් නෑ.facial,hair oil treatment, clenup මෙකී නොකී ගොඩක් දේවල් කරන්න කට්ටිය සූගාල එනවා.

දෑන ගත්ත විදියට යාලුවා කරන්න යන්නෙ රීබොන්ඩින්ද මොකද්ද එකක්.ඒක කරාම කොන්ඩෙ  manageble hair එකක් වෙන්වලුනෙ.හරියට සිංහ කේශර වගේ තියන කොන්ඩෙ ඉත්තෑකූරු වගේ  වෙයි කියල මට හිතුනෙ.බලමුකො දෑන් කරයි නෙ කියල මමත් බලන් හිටියා ඉතින්.

කොන්ඩෙ පිහදාල හොදට පීරල එහෙම පුංචි පුංචි කොන්ඩ තීරු අරන් මොකද්ද  cream එකක් ගෑවා.ගාලා විනාඩි 20ක් විතර ඉන්න වුනා ඒක කොන්ඩෙට අල්ලන්න.ඒක හොදලා ඔන්න අයන් කරන්න ගත්ත කොන්ඩෙ,දෙන්නෙක් ඇවිල්ලා.අම්මෝ දෙන වදයක් කියලා හිතුන මට.අර විදියටම කොන්ඩ තීරු අරන් ඈදලා අයන් කරනවා.මම් හිතුවෙ අදනම් මෙයාට ඔලුවෙ කෑක්කුම හෑදිලා නෑවතුනොත් ඈති කියලා.

ඒකට සෑහෙන වෙලාවක් ගියා,කොහොමත් මම් අහල තියන විදියට  මේක ටිකක් කාලෙ යන වෑඩක්,මුලු කොන්ඩෙම අයන් කරන්න එපෑයි ඉතින්,පෑය4ක් විතර යන්න ඈති මගෙ හිතේ.අයන් කරල ඉවර වෙලා තවත් මොකද්ද cream එකක් ගාලා ආයෙත් විනාඩි 20කින් විතර හොදලා දෑම්මා.

ඔක්කොම් ඉවරවෙලා ඩ්‍රයි කරලා බලද්දි මෙන්න බොලේ කොන්ඩෙ කෙලින් වෙලා සිනිදුත් වෙලා,ඈත්තටම ලස්සනකුත් නෑතුව නෙමේ,අර කිව්වත් වගේ manageble hair එකක් වෙලා,මෙයාට ඔනෙ උනෙත් අවුල් වෙන්නෙනෑති කොන්ඩයක්නෙ.ඔන්න ඒ ආසාවත් හරිගියා.හොදම වෑඩේ කියන්නෙ දවස් 3ක් යනකන් නාන්න එපා කියපු එක.

මෙයා කොච්චර වෑඩේ තිබ්බත් හෑමදාම වගේ නාලා කරල ඉන්න කෙනෙක්,කොහොමින් හරි දවස් 3ක් ඉවසන් ඉදලා 3වෙනි දවසෙ ගිහින් hair treatment එකට,දවස් 3කට පස්සෙ නාලා නිවන් ගියාවගේ...කියලා මටත් කතාකරල කිව්වා.

ඔන්න දෑන් මූනු පොතෙත් අලුත් කොන්ඩෙත් එක්ක profile pic එක දාලා. 


පලි: මටත් ටිකක් ඕනෙ වුනා ඈත්තටම මේකෙ වෙන්නෙ මොකද්ද කියල බලන්න ජාලෙ සෑරිසරන අතර තුර මෙන්න මේවගෙ එකකුත් මම් දෑක්කා.
"Hair rebonding is a process where the chemical bonds in your hair are broken, rearranged and bonded back again permanently using very strong chemicals. It is one of the most damaging things you can do to your hair."

12 comments:

  1. හිකිස්... පිස්සු හැදෙනවා. යාලුවට පුදුම ආසාවක් නේ තියෙන්නේ කොණ්ඩය ඉත්තෑ කුරු කරගන්න. දැන් ඔය වැඩේට රුපියල් දාහක් දෙදාහක් විතර යන්න ඇති නේ ?
    නදී අක්කත් ඔය වගේ වැඩක් කර ගත්තනම් නියමයි නේ.
    දැන් ඒ යාලුවාගේ කොන්ඩේ ඉරට්ට වගේ හින්දා හුළගේ ලෙල දිදී වැඩට යනවා ඇති නේ ? කමක් නෑ එයාගෙත් අසවනේ. ඕව වැඩේට අක්ක පැය කියක් කට්ට කන්න උනාද ?

    ReplyDelete
  2. @ මදුරංග - මොන දාහක් දෙදාහක් ද? 7000 කට වෑඩී.ඔක්කොම treatments වලටත් එක්ක.තව පස්සෙත් ගාන්න කියල අඩුවෑඩිය(shampoo,conditioner,silicon oil etc...) ගත්තනේ,හොදම බ්‍රෑන්ඩ්ස් වලින්.ඒවට නම් ආය ලෝස් නෑතුව වියදම් කරනවා කන බොන ඒවට කෙසේවෙතත්.

    කට්ට තමයි එත් ඉතින් යාලුවානේ,මොනා කරන්නද?(මමත් එයාට ඔයිට හපන් කටු දීල තියනවනෙ :ඩී) උදේ 11 විතර ගිය ගමන එද්දි හවස 4ත් පහුවෙලා මගෙ හිතේ.අපරාදේ කියන්න බෑ මට කන්න බොන්නත් හම්බුනා.

    ReplyDelete
  3. ඉතින් ඔයා කලේ නැද්ද? ඔයත් කරන්නකෝ අලො...

    ReplyDelete
  4. @චතුවා (ළමයා) - අනේ නෑ.මම් කරේ නෑ.

    ReplyDelete
  5. හාර්ඩ් එක හැමවෙලාවෙම format කරනවා වගේ වැඩක්තමයි ඉතින් ඕකත් ...... :P

    ReplyDelete
  6. හරි වචනය saloon නෙවෙයි salon.

    ReplyDelete
  7. @ Xpress (Galle Tech™ ) - බොහොම ස්තූතියි නිවරදි කිරීමට.මම් ඒක හදන්නම්.

    ReplyDelete
  8. නිකමට වගේ ඔලුව සම්බන්ද ඩොක්ට කෙනෙකුට පෙන්නුවොත් මොකද, ඔය කොණ්ඩ අමාරුවට ......

    ReplyDelete
  9. අනේ මමත් කොලා. ගොඩාක් කලින් .. දැන් නම් කොන්දේ අලුතින් වැවිලා ආපහු .

    ReplyDelete
  10. mamath konde rebnd kra 1year witara kalin :D
    kolloth itin lassanata inna epai.. gathiyak tibba bt gedarin banna kapapan kiyla. haiyo salli kapala damma itin.. 3k gya wedeta :P
    ara kiwwath wage passe tma terune konde damge wenwa oken hmmm

    ReplyDelete