Wednesday, January 5, 2011

හදමනස ඈසුරුකොට උපන් ස්වයංජාත

කාලෙකට පස්සෙ පොතක් කියෙව්වා.ඉස්සර වගේ නෙමේ දෑන් පොත් කියවන්න ගොඩක් කම්මෑලි වෙලා.මට මතකයි ඉස්සර පොතක් හම්බවුනාම පිස්සුවෙන් වගේ කන්නෙ බොන්නෙ නෑතුව,රෑදවල් නෑතුව ඉවර වෙනකම්ම පොත කියවනවා.කියවන්න පොත් නෑතිවුනාම එකම පොත කීපවාරයක් කියවපු අවස්ථාත් තියනවා.විභූති භුශණ ලිව්ව චින්තා ලක්ශ්මී සිංහාරච්චි සිංහලට පරිවර්තනය කරපු "මාවතේ ගීතය" එහෙම කියවපු එක පොතක්.
 
මේ කියන්න යන පොතත් මට කියවන්න ආස හිතුනේ මේ දවස්වල රූපවාහිනී නාලිකවක යන ටෙලිනාට‍‍ය්‍යක් නිසා.ඒ ටෙලිනාට‍‍ය්‍ය හදල තිබ්බෙ 2008 වසරේ ස‍්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලෑබුනු සමරවීර විජයසිංහයන් ගේ "ස්වයංජත" නවකතාව ඈසුරෙන්.මේ නවකතාවට පසුබිම් දකුණු මුහුදුබඩ ආශ්‍රිත ගමක,19වෙනි සියවස අග භාගයෙ ඉදලා 20වෙනි සියවස මුල් භාගය දක්වා දිවෙන කතාවක්.


උදේනිස් හා පබ්ලිනාහාමි විවාහක යුවල දරුවන් බලාපොරොත්තුවෙන් කාලයක සිට පසුවුනත් ඒ අපේක්ශාව ඉශ්ට නොවෙන තෑන අතිශය විරූප පෙනුමක් තිබෙන යක්කුටිගල හිමියන්ගෙ ශාන්තිකර්ම පිහිට පතනවා.මෙයින් පහු පබ්ලිනාහාමි ගෑබ් ගන්නා අතර බිහිවන දරුවා විරූපී යක්කුටිගල හිමියන්ට හෑඩරුවින් බොහෝ සමානකම් දක්වනවා.මේ නිසා ගම්මුන්ගේ කටකතා උහුලාගත නොහෑකිවන පබ්ලිනාහාමි සියදිවි නසාගන්නවා.විභූතිරත්න වන මේ දරුවාගේ ජීවිතය ගෙවෙන ආකාරයත් මුහුන දෙන හෑලහෑප්පීම් මේ කතාවෙන් විස්තර වෙනවා. ඒ නව කතාවේ පසුපිටේ මෙහෙම සදහන්,


"මේ පවුලට කොහෙන්දෝ පාත් වු විභූතිරත්න ඈත්තෙන්ම කවරෙක්ද? ඔහු සිය පියපසින් ලෑබූ ගතිපෑවතුම් හෝ ලක්ශණ කිසිවකුත් නෑත්තෙකි.රෑපය හෑර අන් සියල්ලම ඔහු ලබා ඈත්තේ මව්පසිනි.ඈවතුම් පෑවතුම් විසින් ඔහු තුල පුරාම සිටින්නෙ පබ්ලිනාහාමි නොවේද?එසේනම් මේ අභූත රූපය ඔහුට ලෑබුනේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නෑතහොත් එබරන් අප්පු කියන්නාක් මෙන් පබ්ලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සෑගවීසිටි ඈගේ මීමුත්තෙකුගෙන්ද?එසේත් නෑත්තම් ඔහු පබ්ලිනාහාමිගේ හදමනස ඈසුරුකොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?"

 මේකට පිලිතුර දෑනගන්නනම් මේ නව කතාව කියවන්නම වෙනවා.ඔයාලත් කියවල බලන්නකො,ගොඩක් රසවත් නවකතාවක්.

9 comments:

  1. ඉස්සර මමත් ආසයි පොත් කියවන්න. ඒ කාලේ පුස්තකාලයක් පෙන්නන්න බෑ. දැන් නම් මාසෙකට එක පොතක්වත් කියවන්නේ නෑ. කම්මැලියි.

    ඉස්සර වගේ නෙමෙයි දැන් නම් අන්තර්ජාලයයි කම්පියුටර් එකයි තියෙනවනේ. පොත් කියවීම දැන් බ්ලොග් කියවීම වෙලා. මොනවා උනත් ක්‍යවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කතාවක් තියෙනවනේ

    ReplyDelete
  2. මමත් පොතනම් කියෙව්ව. කියවන්න ගත්තම ඉවරවෙනකම්ම නවත්තන්න හිතෙන්නෙ නෑ.

    ඒත් ITN ස්වයංජාතනම් ටිකක් අසාධාරණයක් කරල තියනව පොතට. මොකද පොතේ විදිහට විභූතිරන්ත ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ලොරි එලවන්නෙ නෑනෙ. කතාව දිග්ගස්සන්න කියලවත් ඕව කරන්න හොඳ නෑ වගේ නේද ?

    ReplyDelete
  3. මමත් පොතක් විකාර විදිහට වෙනස් කරනවට කැමති නෑ.
    මේ පොත ගැන මමත් විස්තරයක් ලියලා තියෙනවා. කැමතිනම් කියවලා බලන්න.

    මගෙ බ්ලොග් එකට මෙතනින් යන්න.
    www.kumaraya-maligawa.blogspot.com

    ReplyDelete
  4. පොත නම් කියවලා නැ..ඒත් මේ දිනවල විකාශය වෙන ස්වයංජාත කතාමලාව නම් බොහොම කැමැත්තේන් බලනවා.හුගාක් වටින කතාවක්.

    ReplyDelete
  5. ඕකට පොත කියවන්න ඕනෙයෑ.ITN එක බැලුවම හරිනෙ. :P

    ReplyDelete
  6. onna itn kala wedak.aio dan kohenda me pota hoya ganne.matath akkita tiyena poth pissuwama tiyenawa.aio hoda potak hambunot ait kema bima matakathne.

    ReplyDelete
  7. දන්න කියන මලයෙක්December 17, 2012 at 10:50 AM

    ඔන්න ඔයා කියපු නිසා මේ මාසේ පඩියට ඔය පොත ගත්තා. තාම මුල ටික කියවන්නේ.
    ස්තුතියි පොත ගැන කිව්වට.
    මම
    දන්න කියන මලයෙක් :)

    ReplyDelete
    Replies
    1. හා කියවලා බලකෝ

      Delete
    2. දන්න කියන මලයෙක්January 18, 2013 at 3:16 PM

      පොත ගොඩක් ලස්සනයි.
      ඒත් කියවගෙන යනකොට මට ප්‍රශ්න දෙකකුත් මතු උනා. ගොඩක් අය කිව්වේ ටීවි එකේ ගියපු කතාවයි මේ පොතේ තියෙන කතාවයි දෙක දෙකක් කියලා. මොනා උනත් පොත ලස්සනයි.
      මේ පොත කියෙව්වට පස්සේ ඊලඟ ප්ලෑන තියෙන්නේ 'සිටුවර පුවත' කියවන්ඩ. ඒකත් කියවලා බලමු.

      මම
      දන්න කියන මලයෙක්

      Delete