Friday, July 5, 2013

පැරඩයිම් ශිෆ්ට්


මීට මාස කීපයකට කලින් අපිට රාජ්‍ය නොවන සංවිධානයකින් තෙදින නේවාසික වැඩමුළුවක් තිබ්බා.ඒකේ දේශණ වලට ආව අය වගේම කෑම බීම ඉදුම් හිටුමුත් ආය කියල වැඩක් නෑ...සුපිරි!යෙන්ම තිබුනා.

ඒකට සහභාගී උනේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට ඉන්න අය 40 දෙනෙක්.වැඩමුළුව අවසාන දිනයේ දවල් වරුවේ අපිටවෙනස් විදියේ පොඩි පොඩි එක්සසයිස් දුන්න.

කට්ටියටම ඉදගන හිටපු පුටු පාවිච්චි කරල ලොකු ස..කල් එකක් වගේ හැදෙන්න කියල හාෆ්ශීට් කොළය බැගින් බෙදාගන බෙදාගන ගියා.ඊට පස්සෙ කරන්න තිබ්බෙ තමන්ට ලැබුන කොලේ නම ලියල ලග ඉන්න කෙනාට පාස් කරන එක.

අනිත් අය අපි ගැන එයාලට හිතෙන විදිය,අපේ හොද නරක,වෙනස් වෙන්න ඕන දේවල් ,ලිය ලිය රවුමටම පාස් කරනව.අවසානේ තමන් ලගට එනව.සමහරු නම් එහෙමත් ලියල තිබුනා,සමහරු ඇනෝ විදියට. 

ගොඩක් අය කියන විදියට ඇනෝ විදියට ලිව්වම නිදහස තියනවලු.තමන්ට කියන්න ඕන දේ කියාගන්න බැරුව ඉන්නව නම් මේක හොද චාන්ස් එකක්ලු!එහෙම කියල අනවශ්‍ය දේවල් එහෙම නම් ලියල තිබ්බෙ නෑ.

ලියන්න හිත තිබුනත් මේවගේ අවස්තාවක ඒකට නිදහස නෑනෙ ඉතින්...අනික ඒ ස..කල් එකේ අපේ ඔෆිස් එකේ ප්‍රධානියත් හිටිය කියන්නකෝ.ඉතින් එයාටත් හොද නරක ලියන්න උනා අපිට.සමහරු නම් එයාටත් "හොද" දේවල් ලියලා තිබ්බා...

මේකෙන් මූණ රතුකර ගත්ත අයත් හිටියා.හැබැයි ගොඩක් දෙනාට තමතමන්ගේ අඩුපාඩු, අනිත් අය තමන් ගැන හිතන පතන විදිය... ගැනත් දැනගන්න පුලුවන් උනා.


12 comments:

  1. මම ඇනෝ සංකල්පය පිළිගන්නවා. නමුත් සම - හරක් ඉන්නවා ඒක හරියට පාවිච්චි කරන්න නොදන්න. මම හිතන්නෙ ඔය සමුළුවේ වටිනාම පාඩම ඔබට ලැබිලා තියනවා. ඇනෝ සංකල්පය වටිනා දෙයක්. අනික අපිට අපි ගැන අනෙක් අය හිතන හැටි දැන ගන්න එක තරම් ලාභයක් තවත් තියනව ද ?

    ReplyDelete
  2. ඉතින් මොකද්ද නෝනා පැරඩයිම් ශිෆ්ට් කියන්නේ ?

    දන්න කියන මලයෙක්

    ReplyDelete
  3. පැරඩයිම් ශිෆ්ට් එක වුනේ ඔයාටද?

    මට නං මාතෘකාවට කතාවේ ගැලපීම තේරුණේ නෑ.

    මෙතන කියන්නේ, ඔයා හිතං හිටියා ඇනෝ කියන්නේ ඬැරදි දෙයක් ඉතිං ඒ දහස දැන් වෙනස් වුණා (පැරඩයිම් ශිෆ්ට් එකඛ් වුණා) කියන එකද?

    ReplyDelete
    Replies
    1. අනේ කකෝ. උඹ වගේ පුබ්බූරුවෙක්.
      උඹ නොදන්නා දේවල් ගැන ගොන් කතා නොලියා උඹේ "ජොලි" ඔට්ටේලියන් ජීවිතෙයි, යුරොපේ කරක් ගහපුවයි ගැන නයි ඇර ඇර ඉඳපං.

      පැරඩයිම් ගැන දන්නේ නැතිනම් කාගෙන් හරි අහපිය, උඹේ උද්දච්ච කම බිමින් තියා.

      Delete
    2. මචං ඒකෙ තේරුම මොකක්ද?

      Delete
  4. දැන් ලියවෙනවා ගොඩක් අඩුයි වගේ අක්කත්.. ඇනෝ කියන එකට මම විරුද්ද නම් නැ .. වැරද්දක් උනත් කියල තියන විදිහ අවුලක් නැත්නම් ඉතින් පබ්ලිෂ් කරනවා... ලග ඉන්න අය ඇනෝ විදිහට කියන ඒවා තමයි පොඩ්ඩක් අවුල්...

    ReplyDelete
  5. ඇනෝ සංකල්පයේ අපට ගතහැකි පැත්තයි මේ. මේ උදාර සංකල්පය වල් බූරු නිදහසින් අහිමි කරගැන්ම විනාශ කරගැන්ම තමයි නරක. මාතවාදි ඕන දෙයක් කිව හැකි ශිෂ්ට බසින් කියනවානම් ඒ ඇනෝ සංකල්පය බොහෝ සතුම් වෙනස් කරවාවි. සටහනට ස්තුතියි.

    ReplyDelete
  6. ආයතනේ ලොක්කට වුණත් කියන්න තියෙන දේ කියන්න නිදහස නැති එක ගැන දැක්කාම මතක් වුණේ ලොබ්සෑං රැම්පා ලියපු දිබ්බ චක්ඛු කියන පොතේ තියෙන කතාවක්. ඒකේ විදිහට ටිබෙටයේ එක දවසක් තියෙනවාලු එදාට හැමෝම සමාන කියලා සලකන. ඒ අවස්ථාවේදී ප්‍රධානියෙක් ගැන වුණත් කියන්න තියෙන දේ කියන්න පුලුවන්ලු. ඒ ගැණ දඬුවම් කරන්න බැහැලු

    ReplyDelete
  7. හිතෙ තියන දේ කොහොම හරි කියනවනම් එච්චරයි.

    ReplyDelete
  8. හොඳ අත්දැකීමක් වෙන්න ඇති ඒක නම්... මාත් ආසයි ඒ වගේ අනිත් අය මං ගැන හිතන දේවල් දැනගන්න...
    ඇත්තටම මම මේ අදමයි මේ බ්ලොග් එකට ආවෙ... ඒකත් ඉතිං මේකෙ අයිතිකාරිය මගෙ බ්ලොග් එක කියවල තිබුන නිසා අද උදේ :)
    මේක දිගටම කරගෙන යන්න සුබ පතනව මමත්...
    පහුගිය අවුරුදුවල නම් ගොඩක් ලියල තිබුනට මේ අවුරුද්දෙ එච්චර වෙලාවක් තිබිල නෑ වගේ... ඔක්කොම ටික කියවන්නම්කො පුලුවන් විදියට...

    ReplyDelete
  9. ඉස්සර නිතරම කියවපු බ්ලොග් එකක්.. ඇයි මේ පාලුවට ගිහිල්ලා???

    ReplyDelete