Tuesday, February 21, 2012

හොද මිනිස්සු එක්ක ඉන්න බැරි ඇයි?

http://ourstorybeginsdotcom.files.wordpress.com/2012/02/32160016andrea-and-the-boys.jpg
ශශී අක්ක කියන්නෙ අවුරුදු 26ක් විතර වයස විවාහක කාන්තාවක්.ඒවගේම පොඩි දුවල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්.ජීවත් උනේ එයාගෙ මහත්තයයි පොඩි දරුවො දෙන්නයි එක්ක වෙනම ගෙදරක.ගෙදර සියළු සැප පහසුකමක්ම තිබ්බ.

ශශී අක්ක රස්සාවක් කරේ නෑ.දරුවො දෙන්න බලාගන ගෙදරට වෙලා හිටියා.මහත්තය කරේ බිස්නස්.ඒ කියන්නෙ හාඩ්වෙයාර් එකකුයි මෝටර් ස්පෙයාර් පාර්ට්ස් විකුණන කඩයකුයි තිබ්බා. විවේක වෙලාවට ශශී අක්කත් කඩේට යනව.ගොඩක් වෙලාවට බබාල බලාගන ගෙදරට වෙලා තමයි හිටියේ.
දන්නවද?අර ශශි අක්ක පැනලා ගිහින් කියන්නෙ ?
මොකක්?
ඔව් ආ...න් මිහිහෙක් එක්ක පැනල ගිහින්ලු.
නෑහ්...
නෑ නෙමෙයි ඔව්.ඒ දවස් වල දැයට කිරුළට කඩෙන් බඩු ගන්න ආව මිනිහෙක් එක්කලු ගිහින් තියෙන්නෙ.

???
එයාලගෙ  කඩෙන් බඩු අරන් තියනවලු ඒ මනුස්සයා...මෙයා ඒ ටිකේ  කඩේ ඉදලා තියෙන්නෙ.
ආහ්...
පස්සෙ හොයලා හොයලා ආයම ගෙදර එක්ක ඇවිත් ලු.

කවුද?

අය්යම ගිහින් එක්ක ඇවිත්, පොඩි උන් දෙන්න අඩනවලු අම්ම ඉල්ලලා.
ත්‍රීවීල් එකක එක්ක ඇවිත් තියෙන්නෙ,  අඩලා අඩලා ආයම අර මිනිහ එක්ක යන්න ඔනේ කියල ගිහින්ලු.

අප්පෝ...පව් පොඩි උන් දෙන්නා...අනේ මෙහෙමත් ගෑණු.පොඩි උන් දෙන්න අඩද්දී ඔහොමත් කරන්න පුලුවන්ද??? මුන් නම් අම්මලා නෙමේ....

හ්ම්ම්ම්...මොනව හරි ප්‍රශ්ණයක් තිබ්බද දන්නෙ නෑනේ.

අය්ය හොදයි කියල හැමෝම කියනව.මේ ගෑනුන්ට පින නෑ.හම්බකරල දෙනව නම් කාල ඇදලා ඉන්නනේ තියෙන්නෙ ආය රස්සාවලට යනව කියලද...

ම්ම්ම්ම්ම්...සැප වැඩිවෙන්න ඇති ඒකයි.සැප වැඩිඋනාමත් සමහරුන්ට ඉන්න බෑනේ.ඔන්න බීගන ඇවිත් ගහමරාගන්නව නම් ගුටි කාගන අඩාදොඩාගන යසට ඉදී...
 
හිහ් හිහ්... ඒක නම් ඇත්ත පවට පින් දෙන්න බෑ...

සත්‍ය සිදුවිමක්ලු



මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.

සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2ක්
අතර හිඩැසක් තියෙනවා.

නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත්
උනා. මේ නිවස අවුරුදු 10 කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

ඇනයේ සිරවී සිටි සතාව
තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

"කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."

උපුටාගැනීම: මේල්ලුවකින්.

Wednesday, February 15, 2012

මෙහෙම අය ඉන්නවද?

මේ කතාව මට කිව්වෙ මගෙ ලෙක්චර කෙනෙක්.එයා අපිට මුල්ම අවුරුද්දෙ Moral Studies & Ethics ඉගැන්නුව.අපිට උගන්නන කාලෙත් එයා විවාහකයි, මැදිවයසේ කාන්තාවක්. මේ කතාව කියන්න වසර කීපෙකට කලින් එයා ගොඩක් ලොකු ඔපරේශන් එකකට මූණදීලා තියනව.

ඔපරේශන් එක කරලා සිහිය ඇවිත් අමාරුවෙන් ඇදට වෙලා ඉන්න කොට මෙයාට එකපාරටම වෙනසක් දැනිලා නිකම් වමනේ යන්න වගේ ඇවිත්.කරකියාගන්න දෙයක් නෑලු.හෙල්ලෙන්න වත් බෑලු,ඒ තරමට අමාරුයිලු.ඔපරේශන් එක කරල තියෙන්නෙ බඩේ.ලොකු කැපුමකුත් දාල තිබ්බලු.

වෙලාව කියන්නෙ ඒ වෙනකොට එයා ලග උදව්වට කෙනෙක් ඉදලා නෑ.මෙයා ගොඩක් අපහසුතාවයට ලක් උනාලු.වටපිට බලබලා වමනේ යන්න ඔන්න මෙන්න ඉද්දි,ලග ඇදක හිටපු ලෙඩෙක්ට උපකාර කරන්න ඇවිත් හිටිය කෙනෙක් මෙයාගෙ අපහසුතාවය දැකලා ඇහුවලු, ඇයි නංගී?... කියල.

මෙයාට කතාකර ගන්න වත් බෑලු, වමනේ යන්න ඔන්න මෙන්න.ඒ නිසා මෙයා අතින් කියල වමනේ යන්න එනව කියල. ඒ එක්කම බුවෑක්!....ගාල දැම්මලු.වෙලාව කියන්නෙ අර කතාකරපු ගෑණු කෙනා ටක් ගාල එයාගෙ අත්දෙක එකතු කරල බොකුටු කරල අල්ලලා,අරය දාපු ඒවා ටික  ඒ ගෑනු කෙනාගෙ අතේලු.


පස්සෙ එයා ඉක්මනට ගිහින් පිරිසිදුවෙලා ඇවිත්.අපේ ලෙක්චරට ගොඩක් පුදුම හිතුනලු.එයා උනත් මෙහෙම දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරන එකක් නෑ කියල හිතුනලු.අනික අදුරන්නෙ වත් නැති කෙනෙක් වෙනුවෙන්!


යන්න කලින් ඒ කෙනා ටික වෙලාවක් කතා කර කරත් ඉදලා තියනව. වමනේ ගිහින් ඔයාගෙ ඇගේ වැටුනා නම් තුවාල වලටත් හොද නෑ...අනික මැහුම් දාල නේද?...හදිසියට භාජනයක් වත් හොයාගන්නෙ කොහෙද?කියපු ගමන් ඔයා දැම්මනේ... ඒකයි මම් එහෙම කරේ... කියල කිව්වලු.

පස්සෙ අපේ ලෙක්චර එයාට නොසෑහෙන්න ස්තූති කරල තියනව.ඒදායින් පස්සෙ එයාව හම්බවෙලා නෑ.


එයා කිව්වෙ අපි හිතන්නෙවත් නැති වෙලාවට ඒ වගේ අදුරන්නෙවත් නැති අය ඇවිත් අපිට නොහිතන උදව් කරනව.අහම්බෙන් හරි ඒ වගේ මිනිස්සු තාමත් හම්බවෙනව කියල.

Tuesday, February 14, 2012

ඕපන් ටොයි


මේ සිද්දිය උනේ හරියටම මීට අවුරුදු 3කට විතර කලින්,ඒ අපි නුවරඑළියේ ට්‍රිප් එකක් ගිය දවස් වල.කලින්දා නුවර එළියේ ඇවිත් ඇවිදලා කරලා මහන්සි නිසා වෙන්කරලා තිබ්බ තැනට ගිහින් රෑ නවාතැන් ගත්තා.

 ඒ උදේ පාන්දරම හෝර්ටන් තැන්න බලා පිටත් වෙන අදහස ඇතුව.මොන නැගිටිලිද උදේ පාන්දර වෙද්දි ඉදිකටු වලින් අනිනවා වගේ සීතල.


කොහොමින් කොහොමින් හරි ලෑස්ති වෙලා උදේ ආහාරයත් පොදි බැදගන හෝර්ටන් තැන්න බලා පිටත් උනා. ටික දුරක් එද්දි සීතල වැඩි හින්දමද මන්දා ගෑනු අය කීපදෙනෙකුටම සුලු දිය පහ කිරිමේ දැඩි අවශ්‍යතාවය පැන නැගිලා තිබ්බ :).


අවශ්‍යතාවයට සුදුසු තැනක් බල බලා එද්දි  හෝර්ටන් තැන්නට ඇතුල් වෙන තැන මෙන්න තියනව TOILET කියල ගහලා පෝළිමක්ම.කට්ටියම දෙය්යො දැක්කා වගේ,මහත් සන්තෝසෙන් ඒ පැත්තට ගියේ :).ආව පිරිමි අයගෙන් කීපදෙනෙකුත් ටස් ගාල පිරිමි අයට වෙන් කරල තිබ්බ පැත්තට ගිහින් ගිය කාරිය කරගන ආව.එයාල එද්දිත් ගෑනු අය තාම එළියේ.


පිරිමි අයට ප්‍රශ්නයක්!..අය්යෝ තාම ගියෙ නැද්ද?... අපි නම් ගිහින් ආව :), ඉක්මනට ගිහින් එන්න වෙලාව යනව.දවල් උනොත් ඇවිදින්න අමාරුයි බ්ලා... බ්ලා...


කොහොමද යන්නෙ අෆ්ෆා!...අර... 

ගිය වැඩේ කරගත්ත අයත් දනිපනි ගාල  ලංවෙලා එබිල බැලුව, උදේම අප්සැට් සීන් එකක්ද දන්නෑ කියල. එහෙමත් නෑ හොදට පිරිසිදුවට තියනව.එකම එක ප්‍රශ්ණයයි තිබ්බෙ.


 රූම් එක ඇතුලට ගියාට එහා පැත්ත  පොඩි ෆ්‍රේම් එකකින් එළියෙ කැලේට විවෘතයි.හයියෝ කොහොමද ඉතින් ඕකට ගිහින් සැනසිල්ලේ අදාල වැඩේ කරන්නේ!...ගෑනු අය කියවන්න ගත්තා.


හිහ්... හිහ්... හහ් හහ් හා...ඒක නම් ඇත්ත... කවුද දන්නෙ අපේ අය්යලා උදේම කැලේ ඉදන් මේ පැත්තට සම්මාන දාගන ඉන්නවද කියල,එව්ව කියන්න බෑ... :).


ඒත් අන්තිමට කොහොමින් හරි ඒ අය ඉවසලා ඉවසලා ඉන්න බැරිම තැන ගියපු වැඩේ කරගනම තමයි එන්න ආවේ...

Sunday, February 12, 2012

දැයට කිරුළ අනුරාධපුරය - ඔයාමඩුව III

මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.අනිත් එක මෙතනින්.

ඊලගට අපි ගියේ  විශේෂ කාර්‍ය බලකායේ ප්‍රදර්ශණ භූමියට,ඒකටත් සෑහෙන වපසරියක් වෙන් කරලා තිබුනා.

මෙතනින් තමයි ඇතුල් වෙන්න තිබ්බෙ.
කැමති අයට වෙඩි තියල බලන්නත් දුන්න.
ආස අය මේකෙත් නැගල බැලුව.අම්බෝ... මම් නම් නැග්ගෙ නෑ.

මෙයා නම් හදපු කෙනෙක්

ප්‍රාණඇපකරුවො බේරගන්න මෙහෙයුමකුත් පෙන්නුවා.

මේ ඉන්නෙ බේරගන්න ආපු අය.

මෙන්න ත්‍රස්තවාදියො මරලා ප්‍රාණඇපකාරය බේරගන යනව.
අපේ නැචුරලුත් ගියා දැයට කිරුළ බලන්න.මේ ඉන්නෙ එයා.
සැරද මහින්ද කාටුන් එකතුව බලන්නත් ගියා.
මේ තියෙන්නෙ ඒක ඇතුලෙ තිබ්බ කාටුන්
මේ ඉන්නෙ කෘෂිකර්ම කුටියෙ හිටිය තඩි පනුවා!

දැයට කිරුළ අනුරාධපුරය - ඔයාමඩුව II

මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.

කොහොමින් කොහොමින් හරි අපි  ආමි එකේ ප්‍රදර්ශණ කුටි බලලා,ආවා ගුවන් හමුදාවේ ප්‍රදර්ශණ කුටි බලන්න.වැස්සත් තිබුනා.හොදටම තෙමුනත් එක්ක.මොනව කරන්නද ආපු එකේ බලලම යන්න එපැයි නැත්තම් අපරාදෙනේ.

මෙතනින් තමා ඇතුලට ගියේ.

මේ තියෙන්නෙ එයාලගෙ හෙලිකොප්ටරයක්

මෙයා අපිට කියල දුන්න එක යානයක ලේසර් කිරණ වලින් ඉලක්කය සලකුනු කරලා වෙනම යානයකින් පහරදෙන හැටි.ඉරණමඩු වල කොටින්ගෙ ගුවන් පතය විනාස කරේ එහෙම කියලත් කිව්වා.

මේ තියෙන්නේ ඒ වාගේ යානයකින් බෝම්බ දාන හැටි පෙන්නන ආදර්ශයක්


මේ තව එකක්

මේක නම් කැරකි කැරකි තමා තිබ්බෙ,පොඩි අයට නැගලා බලන්නත් දුන්න.

වෙඩි බෙහෙත්, ඊයම්බෝල පුරවලා තියන හැටි බලන්නකො


මේ තියෙන්නෙ තව යානයක්,මොකද්ද කියල නම් මතක නෑ.


මේත් ඒකමයි.අර ඉස්සරහින් තියෙන්නෙ ඒකට දාන ඒව වෙන්න ඔනේ.

Saturday, February 11, 2012

දැයට කිරුළ අනුරාධපුර - ඔයාමඩුව I

පළවෙනි දිනයේ ගිහින් සෑහෙන වාහන තදබදේකට මුණ දුන්නනේ, වාහනේ එළියට ගන්න බැරුව පැය 4ක් විතර පාර්ක් එකේම ඉන්න උනා.මේ තියෙන්නෙ ඒ විස්තරේ.දෙවෙනි දවසේ නම් වෙනත් විදියකට ගියපු නිසා කෙළින්ම ප්‍රදර්ශණ භූමිය ඇතුලටම යන්න පුලුවන් උනා. 

ඒත් ගොඩක් අයට කිලෝමීටර් ගානක වාහන තදබදයකට මුහුණ පාන්න වෙලා තිබ්බා.මාධ්‍ය වලින් පවා ආපු අය ඒ වාහන තදබදය අතරේ හිටියා.මොනා කරන්නද වාහන පෝළිම තිබ්බ හැටියට කොහෙටවත් හෙල්ලෙන්න විදියක් නෑ.

මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන,එදා හොදටම වැස්ස.ඔය කට්ටිය කුඩ එහෙම ඉහලගනත් ඉන්නෙ.වැස්ස කියල නෑ කට්ටිය සූ ගාලා එනව.

මෙතනින් තමයි ඇතුල් උනේ

මුලින්ම අපි ගියෙ  විශේෂ බලකායේ  ප්‍රදර්ශණ කුටි වලට.මේ එතනදි ගත්ත ෆොටෝස් ටිකක්.

යන තැනම වගේ තමයි මේක තිබ්බෙ.
ප්‍රදර්ශණ කුටිය ඇතුලේ

මේ හදලා තිබ්බ ස්මාරකයක් වගේ එකක්.
මේ ඉන්නෙ සැගවුනු වෙඩික්කරුවො,ඇත්තම අය තමා හිටියේ.ටිකක් විතර පේන්න හදල තිබ්බ නැත්තම් මිනිස්සු හිතන්නෙ නිකන් කැලයක් කියලලු.
මේ හුඹහා ඇතුලේ ඉන්නෙත් එහෙම අය තමයි.
බාධක තරණය කරල යන විදිය එහෙමත් පෙන්නුව.

ඊට පස්සෙ ගියෙ මෙතන්ට
මේවත් බැලුවා.සමහර ඒවා ඇතුලට ගිහිනුත් බලන්න පුලුවන් උනා.

දැයට කිරුළ


මේ වතාවෙ දැයට කිරුළ ප්‍රදර්ශණය පැවැත්වෙන්නෙ අනුරාධපුරයේ ඇලයාපත්තුව - ඔයාමඩුව ප්‍රදේශයේ.ඒ 6 වෙනි දැයට කිරුළ ප්‍රදර්ශණය.අපිට ලග පාත නිසා දවස් 2ක්ම යන්න පුලුවන් උනා.ලග පාත කිව්වට අනුරාධපුරේ ටවුන් එකේ ඉදලා සෑහෙන දුරක් යන්න ඔනේ ඉතින්.මුල්ම දවසේ නම් එච්චරම සෙනගක් හිටියේ නෑ.

කෙලින්ම කාර් එක පාර්ක් එකට දාල බලන්න යන්න පුලුවන් උනා,පොඩ්ඩ දුරක් ඉතින් පයින් යන්න තිබුනා. ප්‍රදර්ශණ භූමියට ඇතුල් උනාම නම් සෙනග ගොඩක් හිටියා,ගොඩක්ම අය යුධ, නාවික, ගුවන්, STF ප්‍රද‍ර්ශණ කුටි වලට තමා බලන්න යන්නෙ.

මාධ්‍ය කුටි වලත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රදර්ශණ භූමියෙත් සෑහෙන්න සෙනග.ඒ වගේ විශාල ප්‍රදර්ශණයක් අනුරාධපුරේ වගේ පැත්තක අයට දැකබලාගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඔනේ මේ තරම් සෙනග හිටියේ.

භූමියේ විශාලත්වය අක්කර 600ක් විතර වෙනව.සෑහෙන ලොකු වපසරියක් එක දවසකින් බලලා ඉවර කර ගන්න බෑ.ගතයුතු දේවල් නම් ගොඩක් තිබ්බ.ඔක්කොම බලාගන්න බැරිඋන එක තමා පාඩුව.

ඔයාමඩුව ප්‍රදර්ශණ භූමියට ඇතුල් වෙන්න තිබ්බෙ ප්‍රධාන පාරවල් 3ක් විතරයි,ඒ නිසා සෑහෙන අපහසුතාවයක් තිබ්බ. විශේෂයෙන්ම වාහන තදබදය.ඈතට යනකම් දිග වාහන පෝළිමක් තිබ්බ.සමහරු ඇවිත් ප්‍රදර්ශණය බලන්න බැරුව ආපහු හැරිලා ගිහින්.

අපි නම් එක දවසින් ප්‍රදර්ශණේ සෑහෙන කොටසක් කවර් කරා.කාල බීල විනෝද උනා.රෑ 10ට විතර ප්‍රදර්ශණෙ බලලා එලියට ආව,කාර් පාර්ක් එකෙන් වාහන එළියට ගන්න බැරුව පැය 4ක් විතර ගතකරා.(කොහොමද කට්ට අෆ්ෆො...).පාන්දර 2ට විතර තමා පාර්ක් එකෙන් එළියට වාහනේ ගත්තෙ ඒ තරන් වාහන තදබදේ.ඒත් ඉතින් මදැයි ටිකට් එකේ හැටියට සෑහෙන දෙයක් බලාගත්තනේ.